(ප්‍රසාද් මුතුකුඩ)
ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අද(19) බාරදී ඇතැයි දේශපාලන ආරංචි පවසයි.
ඉදිරියේ දී තවත් ප්‍රබල දේශපාලන තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවත් නිමල් ලංසා මහතා ලංකාදීපයට ප්‍රකාශ කළ අතර සිය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු ආදී සියලු කරුණු මාධ්‍ය හමුවේ ඉදිරියේ දී හෙළි කරන බවද ඔහු කියා සිටියේය.
COMMENTS
හිටියයි කියල වැඩකුත් නෑනෙ. විසබීජ තුරන්ම වෙලා යන එක රටට යහපතක්. හැබැයි මේ පාර මොකාගෙ පිටේ නැගල එයිද දන්නෑ.මේ සැරේවත් ඡන්දදායකයෝ මේ අයට නියම පිළිතුරු ලබා දෙත්වා..
ඔන්න චාන්ස් එකක් මන්ත්‍රීතුමාලට............... පුරප්පාඩු වූ මේ නියෝජ්‍ය ඇමති කම ගන්න ප්‍රමාද නොවී පනින්න ඉක්මනට ….
මීට වඩා කුඩු ටීකක් විකුණගෙන ඉන්න එක හොඳයි නේද?
මේ මිනිහ කවදත් දිනන පැත්තේ .. මතකනේ විශේෂ කාර්ය බලකායට කුඩු සම්බන්දයෙන් අහුවුන වෙලාවේ හෙලිකොප්ටරෙන් ඇවිත් බේරගත්ත හැටි, මෙයාලට පක්ෂව හෝ විපක්ෂව වචනයක් වත් කතාකරන්න කාලය වැය කරන අපි මමත් ඇතුළුව මෝඩයෝ..........
මහන්ද සහ ගෝඨාභය බේරා ගත් ණය ගෙවන්න පොහොට්ටුවට එකතුවෙන්න සිතනවා ඇති. ජනපතිතුමනි මින් මතුවට මෙවන් අය ඔබගේ පක්ෂයට ලං කර නොගැනීමට වග බලා ගන්න.
ඒ පාර මොකටද එන්න හදන්නේ.. කවුරු හරි කියන්නකෝ නිකන් අනාවැකියක් වගේ...කොහාට හරි පනීද? කොහාටද?
පිස්සු
ව්‍යාපාර කටයුතු වලට වෙන්න ඇති ඉල්ලා අස්වුනේ.
එස් ටී එෆ් එක පරීක්ශාවකට එන බවට ඉහළින්ම ඔත්තුව ලැබිලා බේරුණා මතකද? ඒකේ සන්තෝෂය ප්‍රකාශ කරන්න පහුවෙනිදාම එහෙ ගිය එක්කෙනා එක්ක එකතු නොවුනොත් "කරදර වෙන්න පුළුවන්" කියලා අනතුරු ඇඟවීමක් ලැබෙන්න ඇති .
මුන් අපිට කුඩු ටිකක් ගෙන්න වත් අල්ල්ලසක් දෙන්නවත් ඉඩක් දෙන්නේ නැහැ. නඩු දානවා නඩු දානවා ඉවරයක් නැහැ. පොට්ටුවට යනවා. නැවතත් සෙල්ලම් දාන්න පුළුවන් එතකොට විතරයි .
පක්ෂයෙන් පමණක් නොව පර්ලිමේන්තුවෙනුත් ගෙදර යැවිය යුතුයි. ආණ්ඩුව අවදි කරන්න දඩුවම් දිය යුතුයි......
පක්ෂයෙන් පමණක් නොව පර්ලිමෙන්තුවෙනුත් ගෙදර යැවිය යුතුයි.
පරණ බිස්නස් එක කරගෙන යන්න ජනාධිපති තුමාගෙන් කිසිම සහයෝගයක් නැ වගේ නේද ?
මේ දවස්වල සැලූන් දොර ආයිමත් ඇරිලා වගේ.
ජනාධිපති තුමා ඡන්දෙට කලින් ජනතාවට පොරොන්දු වුණ විදිහට හොරුන්ට දඩුවම් නොකර හොරුන් හුරතල් කිරීම නිසා එතුමාට මෙය හොඳ පාඩමක් . පක්ෂය ආරක්ෂා කරන්න කියමින් හොරු ආරක්ෂා කිරීම නිසා ශ්‍රීලනිපෙ තව තවත් ඉදිරියට පිරිහෙනවා..... ලබන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපෙ හොඳටම වැටෙනවා.... ඊට පස්සෙවත් ඔබතුමා හිතට ගන්න කරන්න බැරි බොරු පොරොන්දු ජනතාවට නොදී ඉන්න, දැන් ලංකාවේ ඉන්නේ 70 ගණන් 80 ගන්නන් වල හිටපු කැපුවත් කොළ නිල කියමින් සිටි ඡන්ද දායකයින් නොව විද්‍යුත් මාධ්‍ය වලින් ගනුදෙනු කරන නව පන්නයේ තරුණ පරම්පරාවකි.....ඔවුන් හැමදාම බොරු පොරොන්දු වලින් රැවටිය නොහැක , මෙම ක්‍රමය රනිල්ටත් අදාළයි..........
පොලිසියෙන් ඇවිල්ලා වටකරාම ලොක්කා හෙලිකොප්ටරයෙන්ම ගිහිල්ලා බදාගෙන බේරාගත්ත එකට කළගුණ සලකන්න එපැයි.
ජය වේවා!
මෙයාව බේරාගත්තේ හිටපු ලොක්කා ..මම හිතන්නේ මෙයා පොහොට්ටුවෙන් ඉල්ලාවි...මිගමුව ප්‍රදේශයේ ඉන්න මිනිසුන්ගේ අප්‍රසාදයට පත්පවුලක සාමාජිකයෙකි මොහු.
"ප්‍රබල දේශපාලන තීන්දු" කියන්නේ කුඩු කේස් එකකට පොලිසියෙන් ඇල්ලුවහම හෙලිකොප්ටරයෙන් ඇවිත් බදාගත්ත කෙනා ලඟට යනවා කියන එකනේද?
මේ අය මිගමුව ප්‍රදේශය විනාෂම කළා.
ඉන්නකන් කවුරුත් ඔහොම කියන්නේ නැහැ.ගියාම තමා හොරා දුෂකයා වෙන්නේ. තව ටික දවසකින් FCID ,CID යන්ඩ වෙන්ඩත් පුළුවන්.මෛත්‍රී මහත්තය ආණ්ඩුවෙන් ගියත් කියන්නේ ඔය කතාවම තමා. ,අපේ රටේ අය මකවල හේදුවත් හදන්ඩ පුළුවන් ජාතියන් නෙවෙයි................
නියෝජ්‍ය ඇමැති තනතුරක් සඳහා ඇබෑර්තුවක් ඇත. ඉක්මන් කර ඉල්ලුම් කරන්න. කවුද එන්න කැමති?
වෙන කාගේද ඉතින් මහින්දගේ පිටේ තමයි.හොරුන්ට හොරු එකතු වෙනවා.ඒක තමයි ස්වභාවය ........
මෑතකදී රූපවාහිණී වැඩසටහනකදී ආචාර්ය ලලිතරුවන් මහතා කී පරිදී මීමැස්සා මලටද, නිල මැස්සා අසූචිවලටද ප්‍රිය කර්යි.
ඒ කියන්න එකතු වෙලා හිටියෙත් හොරු එක්කමද ?
සැලූන් දොර ඇරිච්ච වෙලාවේ පොඩි පොඩි කස්ටියක් එක්ක ඇතුලට රිංගලා......බුලත් අතකුත් එක්ක, ලොකු තැනට නමස්කාර පූර්වකව " අත " ඉඹලා , මූණවල් ටික පෙනෙන්නලා පොඩි මාධ්‍ය කවරේජ් පාරක් දාගත්තා නම් පුරප්පාඩුවට සැට් වෙන්න ඔන්න පොහොට්ටුවෙන් පෙති හලාගෙන එන කෙනෙකුට චාන්ස් එක.
මම හිතන් හිටියෙ පොහොට්ටුවට දෙන්න...දැන් නම් දෙන්නෙ නැ...මහින්ද තාම හැදිලා නැහැ
සමාජ විරෝධී ක්‍රියාකාරකම් හරහා බිලියන ගණනින් මුදල් සොයන අය දේශපාලනයට එකතු වන්නේ තවත් මුදල් සොයන්නවත් ජනතාවට මෙහෙයක් කරන්න වත් නොව තමන් කරන සාපරාධී ක්‍රියා වලට දඬුවම් නොලබා බේරී සිටීමටයි. හිටපු ලොක්කාගෙන් කෙනෙක් දවසක් ඇහුවා "සර් මොකටද අහවලාගේ මත් කුඩු අල්ලන්න විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුම ගැන කනගාටුව ප්‍රකාශ කරන්න ගියේ " කියල. ලොක්ක කිව්වේ "අහවලා කුඩු ගෙන්නුවට ලංකාවේ බෙදන්නේ නැහැ..." කියල. මහින්ද කියන්නේ එක පුද්ගලයෙක්. ලාන්සා කියන්නේ තව පුද්ගලයෙක්. නමුත් රටක ජනතාවක් කියන්නේ රටක් හදන්න හෝ පෙරළන්න පුළුවන් බලවේගයක්. නමුත් අලි බබා ලා සහ හොරු හතළිහ ට කතිරය ගහන්නෙත් මේ "වීරෝදාර" ජනතාවම නේද කියල හිතන කොටත් දුක හිතෙනවා. "බලන් කඩතුරා හැර දෑසේ "
මෙන්න මෙහෙමයි වුණේ. නිමල් මහින්දගේ පුද්ගලයා. 2015 ජනවාරි 8 බල පෙරළියෙන් ස්වාමියා පැරදුණු නිසා ආරක්ෂාව පතා අලුත් ජනාධිපති ලඟට පැනීම සඳහා ඩාලි පාරේ පිහිටි පක්ෂ කාර්යාලය පිළිසකර කරන්න කියා පක්ෂයේ නිල සභාපතිට රුපියල් මිලියන ගණනක තෑග්ගක් දුන්නා. පොහොට්ටු කාරයෝ ලඟත් ගහපු සල්ලි ඕන තරම් තියෙන නිසා අර පක්ෂ කාර්යාලයට තෑගි දුන්නු මුදලට පොලියත් සමග ගෙවලා මෙයාව මිලදී ගත්තා. කිතුල් ගහේ තණකොළ නැති බව ඕනෙ කෙනෙක් දන්නවා. නමුත් "කිතුල් ගහේ තණකොළ නැති නිසා " බැස්සයි කියපු කතාව තාර්කික නිසා මිනිහ බේරුණා.
රටේ ජිවන වියදම වැඩි නිසා හවසට ඇඟේ පතේ අමාරුව යන්න කුඩු ටිකක් කස්සිප්පු කාලක් ගහන්න මිනිස්සු අතේ සල්ලි නැති නිසා එම කර්මාන්ත වැටි ඇති නිසා ගෝලයන්ට පඩිවත් ගෙවාගන්න ක්‍රමයක් නැත ...ඒ මදිවට බියර් මිල අඩුකළ නිසා මිනිස්සුන්ට කසිප්පු බොනවට වඩා බියර් බිම ලභාදයක් වී ඇත......... මේ දවස්වල මිගමු පැත්තේ විශේෂ කාර්ය බලකාය පැලපදියම් වී ඇත....... ඉස්සර වගේ විශේෂ කාර්ය බලකායෙන් පැන්නහම බෙර ගන්න ලොක්ක ගෙදරට එන්නෙත් නැත , ඔය අැමතිකම නිසා පරිහරණයට දෙන කොටි 3-4 වටිනා ප්‍රාඩෝ වැනි වාහන වලට රැවටෙන්න මම හිඟන්නෙක් නොවේ , එම නිසා ඔය අැමතිකමෙන් ඉවත් වෙලා එකට යොදන කාලය මගේ පරන බිස්නස් එකට යෙදුවහම මාසෙකට කොටි ගණනක් හම්බ කරගන්න පුළුවනි..............