
( තිළිණි ද සිල්වා )
ඇමරිකාවේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජෝන්ස් හොප්කින්ස් විද්‍යාඥවරියක වන අශානි තනූජා වීරරත්න මහත්මිය එරට ජනාධිපති ජෝ බයිඩන් විසින් පත් කරනු ලැබ ඇත.
ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ ක්‍රියාකාරිත්වය පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ ජාතික පිළිකා ආයතන අධ්‍යක්ෂවරයාට උපදෙස් හා සහාය ලබා දීම අශානි වීරරත්න මහත්මිය ඇතුළු එරට ජාතික පිළිකා උපදේශක මණ්ඩල සාමජිකයින්ගේ කාර්යභාර්ය වේ.
ශ්‍රී ලංකාවේ ඉපිද අප්‍රිකාවේ ලෙසෙතෝ රාජ්‍යයේ හැදී වැඩුණු මහාචාර්ය අශානි විරරත්න මහත්මිය ජීව විද්‍යාව පිළිබද උසස් අධ්‍යාපනය හැදැරීම සදහා 1988 දී ඇමෙරිකාවේ මෙරීලෑන්ඩ් හී සෙන්ට් මේරීස් කොලිජීයට ඇතුළත් වූවාය.පසුකාලීනව ඇය ජොර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමිකර ගත්තාය.
අශානි වීරරත්න මහත්මිය ඇමෙරිකාවේ පිළිකා හේතුවෙන් වයසට යෑමේ බලපෑම පිළිබඳ මෙලනෝමා රෝගය පිළිබද විශේෂඥ වෛද්‍යවරියකි.
ඇය ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ ඊ.වී.මැකොලම්හි සභාපතිවරිය ලෙසත්, බ්ලූම්බර්ග්හි කීර්තිමත් මහාචාර්යවරියක ලෙසත්, සිඩ්නි කිම්මල් විස්තීර්ණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක්‍රමණ හා මෙටාස්ටැසිස් වැඩසටහනේ සම-නායකවරිය ලෙසත් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පිළිකා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙසත් කටයුතු කරමින් සිටියදී ජනාධිපති ජෝ බයිඩන් මෙම තනතුරට පත් කරනු ලැබ ඇත.
පාරිසරික ක්ෂුද්‍ර වර්ග – සාමාන්‍ය සෛල හා ගෙඩියක් වටා ඇති ව්‍යුහයන් – මෙටාස්ටැසිස් සහ ප්‍රතිකාර ප්‍රතිරෝධය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව මහාචාර්ය වීරරත්න මහත්මිය විවිධ පර්යේෂණයන් සිදු කරන්නීය.
මෙලනෝමාවල වයසට යාමට හේතුවන ක්ෂුද්‍ර පරිසරය මෙටාස්ටැසිස් හා ප්‍රතිකාර ප්‍රතිරෝධයට බලපාන්නේ කෙසේදැයි අධ්‍යයනය කළ පළමු පර්යේෂිකාව ඇයයි.
ඇගේ අධ්‍යයනයන්හි ප්‍රතිශක්තිකරණ සෛලවල පටක හරහා සංක්‍රමණය වීමේ හැකියාව කෙරෙහි බලපාන ජෛව භෞතික වෙනස්කම් සෙවීමද ඇතුළත් වේ. ඉලක්ක කරගත් චිකිත්සාව සහ ප්‍රතිශක්ති චිකිත්සාව යන දෙකෙහිම වයස් සම්බන්ධ වෙනස්කම් ඇගේ පර්යේෂණ මඟින් සොයාගෙන ඇත.

COMMENTS
ලංකාවේ හිටියා නම් සංවර්ධන සහකාර කෙනෙක්...
ලංකාවේ ඉපදිලාත් යන්තම් බේරුණා... ලෙසෝතෝ රටට ගිහිල්ලා ජීවත් වෙන්න. ලංකාවේ හිටියා නම් සර් කියකියා වහල්ලු වගේ ඉන්න වෙනවා.
සරත් ... පිටරටකට වෙලා වහල් වැඩ කරමින් ජීවත් වුණාට... තමන් ඉපදෙන තමන් ඉපදුණ මව්බිමට අපහාස කිරීම... හරිම ලැජ්ජා සහගතයි...
ඇයට මගෙන් හදපිරි සුබපැතුම්...!!!
ලංකාවේ සර් කියලා කතා කළේ නැත්නම් උසස්වීම් නෑ...
මැට්ටනේ, මේ ලංකාවට අපහාස කරනවා නොවේ. අපි අපහාස කරන්නේ මේ රට කන පාලකයින්ටයි. මෙතුමිය ලංකාවේ හිටියා නම් කවදාවත් පවතින ක්‍රමවේදය තුළ ඔයවගේ තැනකට යන්න බෑ. ඔයවගේ තැන්වලට ආණ්ඩුවෙන් යවන්න හදන්නේ පන්දන් අල්ලන මැට්ටෝ... ඔවුන් ගිහින් පිස්සු කෙළලා එනවා.
මව් බිමට ගෙනදුන් ගෞරවයට ඔබතුමියට ස්තූතියි. දක්ෂයාට,සුදුස්සාට නිසි තැන දෙනවාමයි.අපේ දේශපාලකයන් මේ වගේ පත්වීමක් කරනවානම්,අනිවාර්යයෙන්ම එයට පත්කරන්න උත්සාහ කරන්නේ,මේජර් ජෙනරාල් කෙනෙක්. පුදුමය කියන්නේ,මේ මේජර් ජෙනරාල් වරුන්ද,තමන්ට කළ නොහැකි හෝ දැනීමක් හෝ අත්දැකීම් නොමැති ඕනෑම තනතුරක් ලබා ගැනීමට තියෙන්නේ පුදුම එඩිතර කමක්. අපේ රටේ තරුණ හා සෑම වයසකම ජනතාව අතර බුද්ධි මට්ටම් හා ඉතා ඉහළ නිර්මාණ බුද්ධියෙන් හෙබි අය බොහෝයි.ඒත්,මේ රටේ ඒ සියල්ලට වඩා,ඉදිරියෙන් සිටිනුයේ දේශපාලන සුදුසුකම් පමණය.
ඔබතුමියට අපේ ආචාරය, හැබැයි ඔබතුමිය මෙහෙ හිටියානම් ඔය තනතුර හම්බවෙන්නේ නැහැ. ඒක හම්බවෙන්නේ නුගත් දේශපාලකයෙකුට කඩේ යන කෙනෙකුට.
ඔබට සුභ පැතුම් !