IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘

(අංජුල මහික වීරරත්න)

ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිවරයාට ගෙන එන්නට යන විශ්වාස භංගය පුස් වෙඩිල්ලක් බව ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.

ඒකාබද්ධය එවන පුස් වෙඩිල්ල මෝටාර් උණ්ඩයක් බවට පත්කර නැවත ඒකාබද්ධ කල්ලිය දෙසටම යොමු කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය මගබලාගෙන සිටින බවද ජයවර්ධන මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු මන්ත්‍රී වරයෙකුගෙන් මෙම විශ්වාස භංගයට කිසිඳු සහයක් නොලැබෙන බව කි මන්ත්‍රීවරයා ඕනෑම අභියෝගයක් භාර ගෙන කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන්නට පක්ෂය ශක්තිමත් බවද පැවැසීය

ඒකාබද්ධ කල්ලියේ දුෂණ වංචා වලට සම්බන්ධ පිරිස් කවුදැයි ඉතා හොඳින් හඳුනාගෙන සිටින අතර එම පුද්ගලයන්ට එරෙහිව විධිමත් අයුරින් විශ්වාස භංග ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කාවින්ද ජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (4)

‘අගමැතිට එරෙහි විශ්වාස භංගය පුස් වෙඩිල්ලක්‘

Shan Sunday, 18 March 2018 08:37 AM

විශ්වාස භංග ගෙනවානම් තව කොච්චර හොරු ඉන්නවද පාර්ලිමේන්තුවේ. මේවා බල තණ්හාවට කරන වැඩ. මේවයින් අපේ රට තවත් පහලට යන එක විතරයි වෙන්නේ.

:       0       5

V.varnakulasuriya Sunday, 18 March 2018 09:06 AM

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පුස් වෙඩි හඬ කවදත් අපි අසන්නෙමු. ජනතාවටද එම හඬ ඇසීම නැතුවම බැරි නිසා පුස් වෙඩිකාරයන්ව මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු යවති. ශ්‍රීලංකාවට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටත් ප්‍රමාණවත් නොවේ.

:       1       176

සෙනෙවි Sunday, 18 March 2018 12:42 PM

නරක වෙලාවට මෝල් ගහත් පත්තු වෙනවා කියල කතාවක් තියෙනවා නේ...

:       8       256

රාජුන් Sunday, 18 March 2018 11:54 PM

නරක වෙලාව නෙවෙයි සෙනෙවි, මෝල් ගහ පත්තු වුනොත් ඒක රටේ හොද වෙලාව.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site