IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වැස්සෙන් සිදුවු මරණ 12 දක්වා ඉහළට

(ඩයනා උදයංගනී)
          
දින කිහිපයක් තිස්සේ ප‍්‍රදේශ රැසකට බලපෑ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


කළුතර දිස්ත‍්‍රික්කයෙන් හය දෙනෙක්, ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් දෙදෙනෙක්, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් දෙදෙනෙක්, කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එක් අයෙක් හා කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් එක් අයෙක් වශයෙන් මියගොස් ඇති අතර මරණ බහුතරයකට හේතුව දියේ ගිලීම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.


ඇතැම් ප‍්‍රදේශයන්හි තිබූ ජල ගැලීම් තත්ත්වයන් මේ වන විට පහව යමින් පැවතියත් දිස්ත‍්‍රික්ක 16කට බලපා ඇති මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 17,303 කට අයත්, පුද්ගලයින් 69,538 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින බව ඔහු සඳහන් කළේය.


පසුගිය කාලයේ ජල මට්ටම ඉහළ ගොස් තිබූ මේ වන විට කැලණි සහ නිල්වලා ගඟ සහ අත්තනගලූ ඔයෙහි ජල මට්ටම මේ වන විට සාමාන්‍ය වී ඇති නමුත් ගිං ගඟ බද්දේගම හා සහ කළු ගංඟා මිල්ලකන්ද ප‍්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශ‍්‍රිතව තවමත් සුළු ගං වතුර තත්ත්වයක් පවතින බව ද කොඩිප්පිලි මහතා ප‍්‍රකාශ කළේය.


පීඩාවට පත් පිරිස අතුරින් පවුල් 2,641 කට අයත් 12,453 ක පිරිසක් ආරක්‍ෂිත ස්ථාන 28ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

 

කළුතර, ගාල්ල, කොළඹ, කෑගල්ල, නුවරඑළිය, මහනුවර. පුත්තලම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, රත්නපුර, මන්නාරම, මාතර, බදුල්ල, මාතලේ සහ මොණරාගල යන දිස්ත‍්‍රික්කයන් හි ජනතාව මෙලෙස ජලගැලීම්, තද සුළං, පස් කඳු හා ගස් කඩාවැටීම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.


මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කළුතර, ගාල්ල, ගම්පහ සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්ටය.



අදහස් (0)

වැස්සෙන් සිදුවු මරණ 12 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site