(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අරලියගහ මන්දිරයට රැස්වූ සෙනඟට ගෝල්ෆේස් පිටියට එන්න දෙන්න එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ට කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්නේ අමාත්‍යංශ ලේකම් බවට තොරතුරු ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 17 )පැවසීය.
"ඕවා අයියලා මල්ලිලා ගේ ප්‍රශ්න නිසා ශේප් එකේ ඉන්නැයි" අමාත්‍යාංශ ලේකම්වරයා බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිට පවසා තිබෙන බවද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා:-
නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණා. මානව හිමිකම් කොමිසමෙන් මට ලැබෙන ආරංචි හැටියට අරලියගහ මන්දිරයේ සිටි පිරිසට ගාලු මුවදොරට එන්න දෙන්නට එපා යැයි ජනාධිපතිවරයා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර තිබුණා.ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වතුර සහ කඳුළු ගෑස් ගහන්න ලෑස්ති වුණා.මේ කියන්නේ ඔහුගේ කට උත්තරය අනුව යි.ඒක සීයට සීයක් හරිද කියා මා දන්නේ නැහැ.
මොකද දැන් කරන්නේ යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පොලිස් පති අහනවා.මම එන්න දෙන්නෙ නෑ .මට ජනාධිපතිවරයාගෙන් ඕඩරයක් ලැබුණා යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.අමාත්‍යාංශ ලේකම්ට කතා කරන්නැයි එවිට පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ට කියනවා.එවිට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අමාත්‍යාංශ ලේකම්ට කතා කරනවා."ඕවා කරන්න එපා .ඔය අයියලා මල්ලිලාගේ ප්‍රශ්න.ඔය ඉන්නේ මහින්ද අගමැති තුමාගේ ගෝලයෝ .ඔය මිනිස්සුන්ට ගහලා අන්තිමේදී ඒ දෙන්න ෂේප් වේවි.ඔයාට ට අමාරුවේ වැටෙන්නේ වේවි .ඒ නිසා ඔයා ෂේප් එකේ ඉන්න.යනුවෙන් අමාත්‍යාංශ ලේකම් පවසා තිබෙනවා .
හැම පොලිසියකටම නියෝග දී තිබුණේ ෂේප් එකේ ඉන්න කියලයි.යුද හමුදාව සක්‍රීය වුණේ නැත්තේ ඇයි?අරලියගහ මන්දිරේට සෙනඟ ගෙනාපු මොට්ටයෝ, ගොන් තඩියො කළෙත් ඒ ප්ලෑන් එකේ කොටසක්.පොලිසිය අකර්මණ්‍ය කළෙත් ප්ලෑන් එකේ කොටසක් අනුවයි.යනුවෙන් ද විමල් වීරවංශ මහතා පැවසීය.
COMMENTS
ජනාධිපති නියෝගයට ආරක්ෂක ලේකම් හරස් වන්නේ නම් රටේ මොන පරිපාලනයක්ද තියෙන්නේ? මේක දේශබන්දුගේ බොරුවක්ද මන්දා...?
පවතින ආණ්ඩුක්‍රමය හැටියට ජනාධිපතිට නඩු දාන්න බැහැ. ඒ නිසා බෝලෙ ජනාධිපතිට පාස්කරලා අතපිහිදාගන්න යනවා වගේ...!
පරණ ලොරිරථවල නම් රියදුරු අසුන යටින් ලියලා තිබුණා තාර බර සහ ශුද්ධ බර කියලා... බලුමස් දඩමස් කරන්න දන්න කෙනෙක්... ඒක නොදන්නේ එයා විතරයි. අතීතයේ කියපු කරපු දේවල් වලින් ඒ බව මනාවට ඔප්පු වෙනවා.
ඔයත් අයියා, මල්ලි දෙන්නාගේම පස්සේ ගිහින් පස්ස ඇනගත්තු කෙනෙක් නේද?
ගෝඨාත් අයින් වුණා නම් මෙයාගේ ඇත්ත තත්වය වෙනස් වෙන්න තිබුණා...
විමල් ඔයාට මතකද එදා ඔයාගේ ජංගම දුරකථන මාර්ගයෙන් එවකට ආරක්ෂක ලේකම් සහ වත්මන් අසාර්ථක ජනාධිපතිගෙන් තර්ජනාත්මක ඇමතුමක් පොලිස් නිලධාරියකුට ආපු එක? ඒ මොහාතේ ඔයා හැසිරිච්චි හැටි සහ එම පොලිස් නිලධාරියා අසරණ වූ මොහොතත් මතකද? එදා ඔයා ඒ පහත් වැඩකරන කොට හොඳයි නම් දැන් කොහොමද වැරැදි වෙන්නේ?
20ට අත් උස්සනකොට ඕවා දැනගන්න තරම් මොලයක් තිබුණේ නැහැනේ.. නේද?