බිමල් ශ්‍යාමන් ජයසිංහ
විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර කාලයක් තිස්සේ මුදලට අලෙවි කිරිමේ යෙදුණු යුද හමුදාවෙන් පලා ආ සෙබළකු වන සීනිගොඩ පැට්ටා නැමැත්තා හා තවත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
ඔවුන් නිෂ්පාදනය කරන ලද රිවොල්වරයක්,ගල් කටස් වර්ගයේ ගිනි අවියක්,බෝර දොලහේ ගිනි අවියක්,පතුරොම් දෙකක්,හිස් පතුරොම් දෙකක් හා ගිනි අවි නිෂ්පාදනය කිරිමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.