(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල වර්ෂාවත් සමඟ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇති බවත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1213ක පුද්ගලයන් 4669ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහාකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා අද (4) පැවසීය.
නායයාමේ අවධානම් අනතුරුදායක තත්ත්වය හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවුරු 6ක්,හපුතලේ 5ක්,වැලිමඩ 1ක්,ඇල්ල 1ක් වශයෙන් ආරක්ෂිත රැඳවුම් කඳවුරු 13ක් දැනට පාසල්, පූජනීය ස්ථාන,වතු දිවා සුරකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන බවද හෙතෙම කීය .
ඔවුන් වෙනුවෙන් පිසු ආහාර, අවශ්‍යතා මත වියළි සලාක ආහාර ලබා දෙන බවත්,මෙම කඳවුරු වලට වෛද්‍යවරුන් යවා නිරතුරුවම ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් මත සලසා දී තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ගස් ,පස්කඳු කඩා වැටී ගල් පර්වත පෙරලීමෙන් නිවාස 623ක අර්ධ හානි ද, නිවාස 40කට පූර්ණ හානි සිදු වී පුද්ගලයන් 4ක් තුවාල ලබා ලුණුගල,හපුතලේ,බණ්ඩාරවෙල ,ප්‍රදේශ වලින් ජීවිතහානි 3ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් බදුල්ලේ පුද්ගලයන් 4670කට පීඩා