IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

( +++ අජන්ත කුමාර අගලකඩ සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව ලබන මාර්තු මාසයේ දී විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 64 දෙනකුට විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

එසේ විශ්‍රාම වැටුප අහිමි වන පිරිසෙන් 24ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන අතර 34 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.

දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීවරුන් 5 දෙනකුට හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකුට ද විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප් හිමිකම් ලැබීමට වසර පහක නිල කාලයක් සපුරා තිබිය යුතුය.

2015 අගෝස්තු මස 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළත් වන වත්මන් පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාලය ලබන වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වීමට නියමිතව ඇතත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පැවැරී ඇති බලතල ප්‍රකාරව ලබන මාර්තු මස පළමුවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් තීරණය කර ඇත.

දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගතවූ පසුවය.
ලබන මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවොත් විශ්‍රාම වැටුප් අහිමිවන මන්ත්‍රීවරුන් මෙසේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය
වරුණ ලියනගේ, මනෝජ් සිරිසේන, ඩී.බී. හේරත්, අංගජන් රාමනාදන්, මලිත් ජයතිලක, අනුරාධ ජයරත්න, ඩී.වී. චානක, සාරති දුෂ්මන්ත, ඉන්දික අනුරුද්ධ, කාදර් මස්තාන්, කංචන විජේසේකර, නිමල් ලංසා, පියල් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිරෝෂන් ප්‍රේමරත්න, සනත් නිශාන්ත, සිසිර ජයකොඩි, තාරක බාලසූරිය, උදය ගම්මන්පිල සහ විමලවීර දිසානායක.

එක්සත් ජාතික පක්ෂය
මොහොමඞ් ඉස්මයිල්, මොහොම්මදු නසීර්, මහාචාර්ය ආශු මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, අරවින්ද කුමාර්, ආනන්ද අලුත්ගමගේ, අශෝක ප්‍රියන්ත, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චමින්ද විජේසිරි, චන්දිම ගමගේ, චතුර සේනාරත්න, දයා ගමගේ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතාරණගේ, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉම්රාන් මහරුෆ්, ඉෂාක් රහුමාන්, කරුණාරත්න පරණවිතාන, කවින්ද ජයවර්ධන, මයන්ත දිසානායක, මොහොමඞ් මන්සුර්, මුජුබර් රහුමන්, එම්. තිලකරාජා, නාලක කොලොන්නගේ, රෝහිණී කුමාරි විජේරත්න, එස්.එම්. මරික්කාර්, සන්දිත් සමරසිංහ, සිසිර කුමාර අබේසේකර, සුජිත් සංජය පෙරේරා, තුෂාර ඉඳුනිල්, වෛද්‍ය තුසිතා විජේමාන්න, එස්. වේලුකුමාර් සහ විජේපාල හෙට්ටිආරච්චි.

දෙමළ ජාතික සංධානය
ශාන්තිනී ස්කන්ධ රාජා, ඥානමුත්තු ශ්‍රීනේෂන්, චාල්ස් නිර්මලනාදන්, කේ. කෝඩිෂ්වරන්, වෛද්‍ය එස්. සිවමෝෂන් සහ එස්. වියලේන්ද්‍රන්,

ජනතා විමුක්ති පෙරමුණ
වෛද්‍ය නලින්ද ජයතිස්ස



අදහස් (8)

මාර්තුවේ මැතිසබේ විසිරෙව්වොත් මන්ත්‍රීවරුන් 64 කට පැන්ෂන් නෑ

Mahee Thursday, 19 December 2019 06:27 AM

අනේ අප්පේ, පැන්ෂන් නැතුව ගෙදර ගිහින් කොහොමද, ඔන්න ඔහේ අගෝස්තු වෙනකල් ඉවසමු. ප්‍රජාතන්තරේ වගේද පැන්ෂන් එක...

:       0       0

upul Thursday, 19 December 2019 06:37 AM

සල්ලි නැති අය පාර්ලිමේන්තුවට එන්නේ නැහැනේ... මොකටද ඉතින් පැන්ෂන් නේද..?

:       0       0

Appuhami Thursday, 19 December 2019 06:51 AM

පහුගිය කාලේ රට කාපු මේ අයට පෙන්ෂන් එකක් දෙන්න එපා.

:       12       61

isurandi Thursday, 19 December 2019 07:20 AM

විශ්‍රාම වැටුප් හිමිවෙන්න තරම් මේ අය රටට කරලා තියෙන සෙතේ මොකක්ද ?

:       0       35

mp Thursday, 19 December 2019 07:20 AM

ඒක හොඳයි. අපි රාජ්‍ය ආයතනයක වැඩ කරලා අවුරුදු 35-40 ක් ඉන්න ඕන පෙන්ෂන් ගන්න. සංස්ථාවක වැඩ කළොත් ඒකත් නැහැ. මේ අයට අවුරුදු 5 න් පෙන්ෂන්. සමාජ අසාධාරණ.....

:       0       43

Nana Thursday, 19 December 2019 08:02 AM

පෙන්ෂන් මොකටද ? ගහපුවා පරම්පරා 7 කට මදිද ?

:       0       30

රවින් Thursday, 19 December 2019 11:03 AM

ඇයි මේ 64 දෙනෙකුට විතරක්? 225ටම විශ්‍රාම වැටුප් ගෙවීම අනවශ්‍යයි. එක කෙනෙකුවත් රටේ සුබසිද්ධියට වැඩක් කර නොමැත. හැබැයි තම තමන්ගේ පරම්පරාවට නම් අවුරුදු සීයකට විතර හම්බ කරගෙන...

:       0       0

Bamunuarachchi Friday, 20 December 2019 03:28 PM

අනිවාර්යයෙන්ම විසුරුවන්න. අවුරුදු 5 සම්පූර්ණ කළාම පැන්ෂන් එකක්. ඒ මොන පව්කාර වැඩක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31143 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13281 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site