
(ඩයනා උදයංගනී)
සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් ආරක්ෂා කරගන්නට අගමැතිධූරය භාරගත් බවත්, ඔවුන් රටේ ප්‍රශ්න නොවිසඳන බවත් පවසමින් පිරිස විරෝධතාවයේ නිරතව සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි කොළඹ, මල් පාරේ පස්වන පටුමග පොලීසිය විසින් මාර්ග බාධක දමා වසා දමා තිබේ.
(ඡායාරූප: හිමත් මතීෂ)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.