(රොමේෂ් මධුෂංඛ)
මෙතෙක් කාලයක් සිරගතව සිටි දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කොට සමාජගත කළ යුතු බවටත් නව ව්‍යවස්ථාවට අභියෝග මැද වුවත් සහය දක්වන බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයේ දී පැවසීය.
‘මේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙලා තියනවා. ඒ නිසා පසුගිය කාලයේදී අපේ රටේ මානව හිමිකම් සංවිධාන අපි කව්රුත් මේ දේශපාලන හේතුන් මත සිරකරගෙන සිටින අයගේ ප්‍රශ්නය විසඳන්න ඒ අය නිදහස් කරන්න කියන ඉල්ලීම දිගටම කරගෙන ගියා. ඒ නිසා දැනට අධිකරණයේ වරදකරුවන් හැටියට හරි තාම සිර කඳවුරුවල සිටිනවානම් අපි හිතනවා ආණ්ඩුව මැදිහත් වෙලා දැන් මේ අය සිරගත වෙලා හිටියා හොඳටම ඇති දුක් වින්දා හොඳටම ඇති කියලා මේ අය වහාම සමාජගත කිරීමට පියවර ගත යුතුයි කියලා ඔහු කීවේය.
COMMENTS
කරුණාකර ජවිපෙට සහාසික ලෙස බනින්න එපා. ඔවුන් දරුණු උගුලක හසුවී සිටින බැවින් යහපාලන රජය කියන හැම දෙයකටම එකග වීමට සිදුවී ඇත. පක්ෂයක් ලෙස ඔවුන් අසරණව ඇත. ඔබ සැමගේ ඉවසීම සහ සහයෝගය ලැබුනොත් ඔවුනට මේ උගුලෙන් ගැලවිය හැකිය.
මේ රතු මල්ලියේ ඔහෙලා දැන් මානව හිමිකම් ගැන උඩ පැනගෙන කතා කරන්නේ "උපන් ඇදුමෙන්" බව අප සැවොම දන්නා කරුණකි. 1988/1989 වකවනුවල් මරා දමනලද ලක්මවගේ දු දරුවන් එතකොට ගිණිතියා විනාශ කල ලක්මවගේ දේපොළ ගැන අමතක වෙලාද දැන් තොත්ත බබාලා වගේ මානව හිමීකම් ගැන කතා කරන්නේ ?
අපි දන්නා හැටියට නම් 'දේශපාලන සිරකරුවෝ', ඒ කියන්නේ දේශපාලනය කිරීම නිසා හිරේ ගිය අය නැහැ. දේශපාලනය කරන මුවාවෙන් රටේ පොදු නීතිය කැඩීම නිසා හිරේ ගිය අය නම් ඉන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම හිරේට යා යුතු අය නම් සීයට අනුවක්ම ඉන්නේ එළියේ, ආයේ නිදහස් කරන්න දෙයක් නැහැ. අපේ නිදහසත් උදුරාගෙන ඒ කට්ටිය හොඳට භුක්ති විඳිනවා.
දේශපාලන සිරකරුවා කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ද වීම නිසා සිරකරපු අය. ත්‍රස්තවාදී සංවිධනයකට සම්බන්ද වෙලා මිනිමරපු අය ඔය ගණයට වැටෙන්නේ නෑ. ඉන්දියානු ව්‍යප්තිවාදය ගැන පන්ති කරපු පක්ෂයක් අද යාපනේ චන්ද ටික ගන්න එහෙ ගිහින් මිනිස්සු කුලප්පු කරන තැනට වැටීලා. කොහොම උනත් හොදම වැඩේ තමයි ඔබ තුමා මැදිහත් වෙලා ඔය කියන 'දේශපාලන සිරකරුවන්' ලැයිස්තුව රටට ඉදිරිපත් කිර්ම.
දේශපාලන සිරකරුවන්ට කලින් ඔබතුමාල සමාජ ගත වෙන්න
මෙහෙමත් කඩේ යාමක් දැකල නැහැ. අපේ රටේ ඔය ඉන්නේ ත්‍රස්ත අපරාද කාරයෝ මිසක් දේශපාලන සිරකරුවෝ නෙමෙයි .
අපි දැනගත්තා වටින් ගොඩින් එනකොට, ඔය අයට ජනතාව පිළිතුරු දෙයි ඉදිරියේදී
මේ අය කවදාවත් හැදෙන අය නෙමෙයි. හොඳ ඇති කියලා ගියපාර ඡන්දේ දුන්නා. ආයෙනම් ජීවිතේට ඡන්දෙනම් දෙන්නේ නැහැ. වෙන කාටවත් ඡන්දෙ දෙන්න දෙන්නෙත් නැහැ. බලේට අම්මා අප්පා වුණත් විකුණයි.
කුමාර් ගැනත් මෙහෙම කිව්වද කියල මතකයක් නෑ