
(විනීතා එම්. ගමගේ)
නිවුණු සැනසුණු සමාජයක් දැකීමට අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමින් වහන්සේ කළ දීර්ඝ කැප කිරීම සමස්ත බෞද්ධ ලෝකයේම ආශිර්වාදයට ලක්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක ධූරය සඳහා චන්දසිරි නාහිමියෝ සියලු සුදුසුකම් සපුරා සිටින්නේ යැයි ද රාජපක්ෂ මහතා පැවැසීය.
“සම්බුද්ධ සාසනයටත් ලෝකවාසි ජනතාවටත් අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමිපාණන් වහන්සේ කර ඇති විසල් මෙහෙවර අමරණීයයි.
උන්වහන්සේ දේශ දේශාන්තර වල වැඩම කරමින්, උතුම් සම්බුද්ධ දේශනාව, ථේරවාදී සම්ප්‍රදාය අනුව ජනතා හිතසුව පිණිස දේශනා කළා. චන්දසිරි නාහිමියෝ මේ පදවියට පත්වන්නේ, අමරපුර නිකායේ අනාගත යුග මෙහෙවරහෙි, විශාල වගකීම් සම්භාරයක් වෙනුවෙනුයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක ධූරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමින් වහන්සේට එකී ධූරය පිළිබඳ අක්ත පත්‍ර ප්‍රදානය කිරීම සඳහා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද(14) පැවති උත්සව සභාවක් අමතමිනි.




2025 නොවැම්බර් මස 04
263
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2104
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1607
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දොඩම්පහල චන්ද්‍රසිරි මහනාහිමිට අක්තපත්‍ර ප්‍රදානය කෙරේ
Kuttiarachchi Saturday, 15 January 2022 07:13 PM
රජය බලයට ගේන්න හුඟක් මහන්සි වුණු කෙනෙක්...