IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඇඟළුම්හල් 200 මකර කටේ

(සුජිත් හේවාජුලිගේ )

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී අද දවසේ බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම් වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද ලොකු බලපෑමක්වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදය පවසයි.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතන වලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

 



අදහස් (6)

ඇඟළුම්හල් 200 මකර කටේ

Kanthi Friday, 01 July 2022 08:42 AM

හරිම කණගාටුයි...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Friday, 01 July 2022 10:09 AM

අපට කිසිඳු අයුරකින් දේශපාලනයක් අවශ්‍ය නැහැ. ඒත් දෙවි හාමුදුරුවනේ... මේ රටේ වර්තමානයේ සෑම සියලු අංශවල ඇතිවී තිබෙන මහා පරිමාණ කඩා වැටීම නිසා මේ රජය කෙරෙහි තවත් විශ්වාසය තියන්නේ කොහොමද? රටේ පාතාලයින් එළියට බැහැලා පාර දිගේ ප්‍රසිද්ධියේ මිනිසුන් වෙඩි තබා මරනවා. රටේ ආරක්ෂාවට සිටිය යුතු පොලීසිය හා හමුදාව අද ලොරි ගණන් පෙට්‍රල් ෂෙඩ් රකින්න දාලා. අද මේ රටට අවශ්‍ය දේ ගේන්න බැරිවෙලා තියෙන්නේ, රටේ මුදල්, සම්පත්, ඩොලර් ඇතුළු බොහෝ දේ දේශපාලකයින් හොරාගෙන ඇති නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. මේ පාලනය අවසන් කොට රට කෑ අය අල්ලා ඔවුන් විසින් සොරාගත් දේ නැවත ලබා ගැනීමට කටයුතු කිරීම කළයුතුමයි. කොතරම් ණය පිටරටවලින් ගත්තත් ඒවා මතු දිනෙක අප විසින් පොළියත් සමග ගෙවීය.. යුතුමයි. එබැවින්, රටෙන් හොරකෑ දේ නැවත ලබාගැනීමට කටයුතු කළ යුතුයි. නෙළුම් කුළුණ, නැව් නොඑන වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ ආදිය වෙනුවෙන් විනාශ වෙන මහා පරිමාණ ධන සම්භාරය ඉතිරි කොට ගැනීම වැදගත්. විදුලිය බල මණ්ඩලයේ දූෂණ හා නාස්ති, තෙල් සංස්ථාවේ නාස්ති, එයාලංකා නාස්ති හා පාඩු තවත් සිදු නොවීමට වගබලා ගත යුතුයි. කෙටියෙන් කිවහොත් මේ අසාර්ථක රජය ඉවත්විය යුතුයි...

:       0       0

69 Sri 2010 Friday, 01 July 2022 11:48 AM

ඉස්සර කියමනක් තිබුනා මඩිස්සල්ලෙට හෙන ගැහුවම කිල්ලෝටේ ඉතිරි වේද කියලා ඉතින් ලංකාව නැමති එක පවුලක් විසින් හෙන ගැස්සූ මඩිස්සලේ තියෙන ඇගලුම් කම්හල් නැමැති කිල්ලෝටේ ඉතිරි වෙන්න ඉඩක් නැහැ කියලා කියන්න දෙයක් කොයින්ද

:       0       0

බද්රානි Friday, 01 July 2022 08:56 PM

තනි සිංගල බෞද්ධ ඡන්ද වලින් බලයට පත් වුණු නායකයෙක් පාලනය කරන රටකින් බංගලාදේශයේ ඇඟලුම් කර්මාන්තයකට සේවයට යන ශ්‍රීලාංකික කාන්තාවන්ට කොතරම් නම් ආඩම්බරයක් දැනෙයිද? අන්න ඒකට තමයි ජාතික අභිමානය කියලා කියන්නේ...

:       1       4

Demuni Uduwara Saturday, 02 July 2022 08:06 AM

ප්‍රතිකර්මයක් නැද්ද මේවට?

:       2       0

fairoosSunday, 03 July 2022 02:39 PM

තියෙනවා... නන්දසේන සහ නඩය තොලොංචි වෙලා යන්න ඕනේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 227 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site