(යොහාන් භාසුර)
නවසීලන්තයට එරෙහිව ලබන 14 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ඇතුළත්ව සිටිති.
ශ්‍රී ලංකාවෙන් මෑතකදී බිහිවූ විශිෂ්ට පිතිකරුවකු වන චන්දිමාල්ට ශ්‍රී ලංකා පිලේ අවසන් ටෙස්ට් තරගාවලියේදී සංචිතයේ ස්ථානය අහිමිවූ අතර එක්දින ලෝක කුසලාන තරගාවලියේදී සංචිතයේ ද ස්ථානය අහිමි විය. දකුණත් පිතිකරු 29 හැවිරිදි චන්දිමාල් ටෙස්ට් තරග 53 කදී ලකුණු 3768 ක් රැස්කර ඇති අතර එහි සාමාන්‍යය 41.86 කි.
ශ්‍රී ලංකාවේදී පසුගිය වසර අගදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට වසරකට ආසන්න කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවිය. අකිල ටෙස්ට් තරග පහකදී කඩුලු 27 ක් දවාගෙන තිබේ.
මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 22 කින් යුත් සංචිතයක් නම් කර ඇති අතර ගාල්ලේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු තරගය සඳහා ඉදිරියේදී 15 දෙනකු නම් කිරීමට නියමිතය.

COMMENTS
චන්දිමාල් ඇතුළට ආවොත් ආයේ ඇතුලේ ප්‍රශ්න ඇතිවෙන එක පටන්ගන්නවා. පරණ නායකයෝ දෙන්නෙක් එකතු වුනොත් අලුත් නායකයාට කට්ට ගහන එක අනිවාර්යයෙන්ම පටන් ගන්නවා ස්ථිරයි...
චන්දිමාල් එනවට කැමති කවුද අකමැති කවුද?
අම්මෝ යාන්තම් ඇති. රටේ පීඩිත ජනතාවට මාර සහනයක්...
චන්දිමාල් එනඑක හොඳයි.. ටීම් එක තවත් ශක්තිමත් රොෂේන්ට මොකද වෙන්නේ? හොඳ ටෙස්ට් ටීම් එකක් ඉන්නේ... තෝරන්න ගියාම හැමෝම වගේ ඇතුළට එන්න තරගයක් දෙන්න වෙයි කියන එක මගේ මතයයි..