
(නිමල් ජයරත්න)
තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය.
දින දහතුනකට පසුව විසිඑක් වෙනිදා මනම්පිටිය ඉන්ධන පිරවුම්හලට පෙට්ට්ල් ලීටර් 6,600 ක ප්‍රමාණයක් ලැබුණු අතර ඒවා ලබා ගැනීමට දින ගණනාවක් ඉන්ධන පෝලිමේ සිටි යතුරුපැදි කරුවන් සහ ත්‍රීරෝද රියදුරන් මෙන්ම ප්‍රදේශවාසීන් ඔහුට අවස්ථාව ලබාදීම පිළිබඳව ඔහුගේ ප්‍රණාමනය ආචාර්යද හිමිවිය.
ගමනාන්තය දක්වා අවශ්‍ය පෙට්රල් ලබාගත් රුසියානු ජාතිකයා පෙට්රල් බෝතලය ලබාදීමට මැදිහත්වූ රියදුරට ඉන්ධන පිරවුම්හලෙන් ලබාදුන් ඉතිරි මුදල රියදුරුට ලබාදීමට කටයුතු කළද එම රියැදුරු මුදල ලබාගැනීමද ප්‍රතික්ෂේප කරමින් අතටදී ඔහුව යතුරුපැදිය අසලටම ඇරලීමට කටයුතු කළේය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.