
අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ.
පැය 24ක් ඇතුළත මරණ 24ක් වාර්තා වූයේ යැයි ද ඉන්දීය බලධාරීහු කීහ. දිනක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන එය වූ අතර ආසියාවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙනි.
ඉන්දියාවෙන් අද (18) පස්වරු 6.30 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 96,492ක් විය. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 3,041කි.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා තවත් සති දෙකකින් මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ඉන්දීය බලධාරීහු පියවර ගෙන ඇත.
ඒ.එෆ්.පී./රොයිටර්
055




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.