(දයාරත්න ඇඹෝගම)
පාතාලයේ ක්‍රියාකාරකම් එන්න එන්නම වැඩි වෙනවා.මේවාට රජය සම්පුර්ණයෙන්ම වගකිව යුතුයි. පොලිසිය හරහා මේවා මැඩ පැවැත්විය යුතුයි. පොලිස්පති භාවනා කරනවා. පාතලය මර්දන කිරිම පැත්තක තබා රජය තමන් පසුපස එලවන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (17) පෙවරුවේදී ශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑය අභියස පැවැති ආගමික වතාවත් වලින් පසුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරිම සම්බන්ධයෙන් මෙහිදි මාධ්‍යවේදීන් විමසු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මැදගොඩ හිමියන් සිදුකළ ප්‍රකාශය නිවරුදි බවයි. රජය හිතා මතාම ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැකීමෙන් පසුව ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් වලට සහභාගී විය.
ලංකාරාමය මිරිසවැටිය සහ ජයන්ති විහාරස්ථාන වැද පුදා ගැනීමටද හිටපු ජනාධිපතිවරයා එක්විය. මෙම ආගමික වතාවත් සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන එච්.සී.මුතුකුමාරණ, ශෙහාන් සේමසිංහ උතුරුමැද හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල එච්.බී.සේමසිංහ නගරාධිපති එච්.පි.සෝමදාස යන මහත්වරු ඇතුළු මහජන නියෝජියන් රැසක් එක්ව සිටියහ.



COMMENTS
එයාලා හදලා පෝෂණය කරපු පාතාලේ... දැන් කියනවා වෙනකාටවත් මර්ධනය කරන්න කියලා.
මෙයාලටම බලය ගන්න මොන මගඩිය හරි කරනවා. මේ රට කරන්න දෙන්නේ නෑ...
භාවනා කරන එක හොඳයි. තමාගේ කාලේ වගේ උද්ඝෝෂකයෝ මරන්නේ නැතිව...
මෙය හිතන් ඉන්නේ මෙයාගේ කාලේ වගේ නියෝගෙ එන්නේ අරලියගහ මන්දිරෙන් කියලා...
ඉස්සර හිටපු අයත් පොලිසිවල පොත්වල කොළ ඉරුවෙත් භානවා කරලනේ? ඉහින් භාවනාව මෙයාගේ කාලේ ඉදලා එන එකක් ?
ඔය අතේ එල්ලන් ඉන්න බෝල වළලු මොනවාද මෙය තවමත් ඉන්නේ අප්‍රිකාවේ ගෝත්‍රික නායකයෙක් වාගේ තව අවුරුදු 100 යක් ගියත් අපේ රට ඔතනමයි........
යන්නේ පන්සලට ආගමික වතාවත් වලට දොඩවන්නේ අපබ්‍රංශ . අනේ කාලේ වනේ වාසේ ..
මල්ලිට කියලා සුදු වෑන් එක යවන්න. බුදු අම්මෝ...!!! කියලා පණ කඩාගෙන නැගිටලා දුවයි.
මහින්දගේ කාලේ පාතාල ලෝකේ කියන නමවත් අහන්න ලැබුනේ නැහැ අපිට.
" වැරදි කරලා පන්සල් වදිනවට වඩා " " කරනා අය හොදයි නීති භාවනා වඩා "