IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පෘතුගාලයේ විශ්ව සමුළු සම්මාන උළෙලෙන් ලංකාවට සම්මානයක්

(බිඟුන් මේනක ගමගේ)
 
තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍රයේ නිර්මාණ ඇගයීමට ලක්කරන ලොව ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක් වන විශ්ව සමුළු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ග්‍රාස් හොපර්ස් ආයතනයට සම්මානයක් හිමිව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.
 
භාණ්ඩයක් එක් තැනක සිට තවත් තැනකට බෙදා හැරීම ඵලදායී සහ කාර්යක්ෂම ලෙස සිදුකිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් නිර්මාණය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමා ඇත.
 
එම මෘදුකාංගය විශ්ව සමුළු සම්මානයට යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)පවත්වන ලද ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී සම්මානයට පත්වීමෙන් පසුවය.
 
පෘතුගාලයේ ලිස්බන්හි පැවැති මෙම සම්මාන උළෙලට රටවල් 178 ක් නියෝජනය කරමින් තරගකරුවන් 400 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමණාකාරිනී ඉදුමිණි කොඩිකාර මහත්මිය පැවසුවාය.

 



අදහස් (0)

පෘතුගාලයේ විශ්ව සමුළු සම්මාන උළෙලෙන් ලංකාවට සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site