(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආයෝජකයින් සඳහා මාර්ගගත වීසා නිර්දේශ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
මේ මගින් ශ්‍රී ලංකාව වෙත ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහාත්, ව්‍යාපාරික කටයුතු කිරීම වඩාත්ම පහසු කිරීමත් හැකිවනු ඇතැයි ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.
ආයෝජකයින් අවශ්‍යතාවය මත වාර්ෂික වීසා බලපත්‍ර 7000 - 7500 ත් අතර ප්‍රමාණයක් නිකුත් කිරීමට නිර්දේශ කරයි.
ඒ සඳහා ආයෝජකයින් කිහිප වරක් ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්‍යාලය පැමිණිය යුතු වුවත් මාර්ගගත වීසා ක්‍රමය හේතුවෙන් එම ක්‍රියාවලිය පහසු වනු ඇත.
නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කිසිදු අයදුම්කරුවෙකුට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පැමිණීමට අවශ්‍ය නොවන අතර සියලු කාර්යයන් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැක.
නව ක්‍රමය යටතේ වීසා වර්ග තුනක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දෙන අතර ඒ අනුව මෙරටට ඇතුළු වීමේ වීසා, පදිංචි වීම සඳහා වීසා සහ වීසා බලපත්‍ර දීර්ඝ කර ගැනීම මෙයට අයත්ය.
මේ තුළින් ආයෝජකයන්ට සේවකයන්ට හා යැපෙන්නන්ට යන පාර්ශවයන්ට වීසා අයදුම් කළ හැකි බවත් ආයෝජක මණ්ඩලය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආගමන විගමන දෙපාර්තමේන්තුව හා ආරක්ෂක අමාත්‍යාංශය එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ.
2025 නොවැම්බර් මස 21
92
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
183
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1044
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ආයෝජකයන්ට මාර්ගත වීසා නිර්දේශ ක්‍රියාවලියක්
මුදියන්සේ... Tuesday, 09 August 2022 04:25 PM
Comments දාන්න අමතක වෙලා ද ?
de silva Tuesday, 09 August 2022 07:35 PM
මම පොහොට්ටුව ඡන්දය දුන්නේ නැති නමුත් කරුණාකර සංචාරකයන්ට, අයෝජකයන්ට සහ ගමන් බලපත්‍ර ලබාගන්න ශ්‍රී ලාංකිකයන්ට සහනයක් වන ලෙස ධම්මික පෙරේරා ක්‍රියාත්මක කරපු පැකජය දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න බැරිද?