( නවරත්න සමරතුංග)
පොතුවිල අක්කරපත්තුව ප‍්‍රධාන මාර්ගයේ ඒත්තම ගම්මානය අසල පිහිටි කුරුංඤ්ඤන් ඕඩෙයි බෝක්කු පාලම අසලදී සිදුවූ මෝටර් රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව පොතුවිල පොලීසිය කියයි.
මිය ගිය තිදෙනා පොතුවිල් නගරය දෙසට ත‍්‍රිරෝද රථයකින් පැමිණ ඇති අතර ත්‍රිරෝද රථයේ ඉන්ධන නොමැති වීමෙන් මාර්ගයේ රැදී සිටියදී අලියකු ඔවුන් පසු පස එළවීම නිසා ඉන් බේරිමට මාර්ගයේ දිව යද්දී ඉදිරියෙන් පැමිණි මෝටර් රියෙහි ගැටී අනතුර සිදු වී තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ සව්පුල් අක්මිනා (34) සහ ඇයගේ දියණියන් වන මීඩා මසුර් (මාස 06) සහ ජුනියාඛාන් හමීඩා මස්සූඞ් (12) යන තිදෙනාය.
මෙහිදී තුවාල ලත් ජුනියාඛාන් අප්ටාන් (11) නැමති පිරිමි ළමයෙකු පොතුවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර ලබාදීමට මඩකලපුව ශික්ෂණ රෝහලවෙත මාරු කර යවා ඇත.
මෝටර් රථය පැදවූ රියැදුරා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
773
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලියාගෙන් බේරෙන්න දුවද්දී මෝටර් රියේ හැපී තිදෙනෙක් මරුට
Ruhunu Tuesday, 25 September 2018 06:45 AM
අලියාගෙන් බේරුණත් අපේ රියදුරන්ගෙන් බේරෙනවා බොරු.....
kamaniesa Tuesday, 25 September 2018 07:20 AM
අලියා දැක්කම රියදුරත් කලබල වෙන්න ඇති.
RNG Tuesday, 25 September 2018 08:43 AM
මැරෙන්න තියෙනවා නම් කරුමය වළක්වන්න බෑනේ ඉතින්. ඔබලාට නිවන්සුව !