IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


මියන්මාර් තරුණියකට අතවර කළැයි බෙන්තොට හෝටලයක තුනක් අත්අඩංගුවට

(තුසිත කුමාර ද සිල්වා)

බෙන්තොට තරු පන්තියේ  ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී  මියන්මාර් ජාතික 26 හැවිරිදි තරුණියකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම අවන්හලේ හිමිකරු සහ සේවකයන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු  අද (16) අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි.

මෙම තරුණිය සංචාරක හෝටලය ආසන්න අවන්හලකට  ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමඟ ගොස් සිටියදී   එහිදී ඇණවුම් කර තිබෙන  මිශ්‍ර පානයකට   කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර  අනතුරුව ඇයව අතවරයට පත් කර ඇතැයි කළ පැමිණිල්ලේ සඳහන් බව පොලීසිය කියයි.

අතවරයට පත්විදෙස් තරුණිය ඇගේ මිතුරිය සමග අප්‍රේල් 30 වන දින මෙරටට පැමිණ  එදිනම කටුනායක ගුවන් තොටුපොළේ සිට සංචාරක සමාගමක් සමඟ ඇල්ල වැල්ලවාය බදුල්ල, නුවර , නුවරඑළිය ඇතුළු  දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කර නැරඹීමෙන් අනතුරුව  මැයි10 වන දින බෙන්තොට තරු පන්තියේ සංචාරක හෝටලයක  ඉතිරි දින ගනන  ගතකිරීමට 

නැවතීමට පැමිණ සිටියදී  වෙසක් පෝයට පෙර දින  අසල  අවන්හලකට ගොස් සිටියදී මෙම අතවරයට මුහුණ  පා ඇතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය සදහන් කළේය.

සිද්ධිය වූ දින එම තරුණිය ඇගේ මිතුරිය සමග මෙකී අවන්හලට   ආහාර ගැනීමට ගොස් සිටියදී  දෙදෙනා ඇනවුම්කර තිබෙන මිශ්‍ර පානයක්  බීමෙන් පසු  අසාමාන්‍යමත්ගති තත්ත්වයකට පත්ව තිබෙන බවත්  පසුව   එක් තරුණියක්  තමන්  නැවතී සිටි හෝටලයට පැමිණ පියවි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය   නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දී පසුව   හෝටල් කළමනාකාරිත්වය බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිසිය මැදිහත්වීමෙන් අතවරයට ලක්වූ තරුණිය බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත්  සැකකාර අවන්හල් හිමිකරු සහ සේවකයන් දෙදෙනා වන  වයස අවුරුදු  40, 28, සහ 23 හැවිරිදි   තිදෙනා  බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මියන්මාර් තරුණියකට අතවර කළැයි බෙන්තොට හෝටලයක තුනක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6107 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 312 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 339 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1271 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site