IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වවුනියාවේ පත්‍රිකා බෙදුවේ ආවා නෙමෙයිලු

ඉන්දිකා රාමනායක
 
ආවා කල්ලිය නමින්  වවුනියාව ප‍්‍රදේශයේ  අත්පති‍්‍රකා බෙදීමේ සිද්ධිය ආවා කල්ලි සාමාජිකයන්ගේ  කි‍්‍රයාවක් නොවන බවත්  මෙහි පිටුපස සිටින පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට  බුද්ධි අංශ යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රොෂාන් ප‍්‍රනාන්දු මහතා අද (4) පැවසීය.
 
ඉකුත්  පළමු වැනි දින වව්නියාවේ ස්ථාන හතරක  මෙම පත්‍රියා බෙදා ඇති බවත් මෙම පත්‍රිකා 11 ක් දැනට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
එම පත්‍රිකා සම්බන්ධයෙන් දැනට සිදුකළ  පරික්ෂණ අනුව  මේවා ආවා කල්ලි සාමාජියන්  බෙදා නොමැති බවත් උතුරේ  සමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමේ අරමුනින් ඇතැම් කණ්ඩායම් මෙවැනි කි‍්‍රයාකාරකම්  වල නිරත වී ඇති බවට පෙනී  යන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
 
ආවා  කල්ලි සාමාජියන් යනු උතුරේ තරුණ කණ්ඩායමක් මිස ත‍්‍රස්ත කණ්ඩායමක් නොවන බවත් ලංකාවේ අනිකුත් පළාත් හා සැසඳීමේ උතුරේ තත්ත්වය ඉතාමත් සාමකාමී බවත් රොෂාන් ප‍්‍රනාන්දු  මහතා කියා සිටියේය.
 
උතුරේ පොලිස් වසම්  53 ක්  තිබුණ ද ආවා කල්ලිය කි‍්‍රයාත්මක වන්නේ  පොලිස් වසම්  4 ක් තුළ පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (3)

වවුනියාවේ පත්‍රිකා බෙදුවේ ආවා නෙමෙයිලු

සමන් - ඕමානය Thursday, 04 October 2018 06:35 PM

"....ආවා කල්ලි සාමාජියන් යනු උතුරේ තරුණ කණ්ඩායමක් මිස ත‍්‍රස්ත කණ්ඩායමක් නොවන බවත්........" රොෂාන් ප්‍රනාන්දු මහතාණනි, ඔබගේ මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? මිනිසුන්ට කඩු කිනිසි පොලු වලින් පහර දෙන, පිස්තෝල තුවක්කු වලින් වෙඩි තියන, රෑ මැද ගෙවල් වලට කඩා වැදී ගෙවල් කුඩු පට්ටම් කරන, ගෙවල් ගිණි තියන, බෝම්බ ගසන අයට කියන්නේ නිකම් "තරුණ කණ්ඩායමක්" කියලාද? එවැනි වැඩ ත්‍රස්ත ක්‍රියා නෙවෙයිද? පාතාල ක්‍රියා නොවෙයිද? අර කලකට ඉහතදී "නාඳුනන පිරිසක් විසින් කරණ ලද ක්‍රියා" ("ත්‍රස්තවාදී" කියන වචනය කියන්නටත් බයේ හිටිය පාලකයින් සිටි යුගයක) කීවෙත් ඒ වගේ පටන් ගත්තු දේවල් වලට නේද? කරුණාකර කොන්ද පණ ඇතිව, බයගුලු කමට වෙවුලන්නේ නැතිව, පිටරට බලපෑම් වලට යටත් නොවී, හිතට එකඟව ඇත්ත කතා කරන්න.

:       0       20

සමන් - ඕමානය Thursday, 04 October 2018 06:43 PM

"උතුරේ පොලිස් වසම් 53 ක් තිබුණ ද ආවා කල්ලිය කි‍්‍රයාත්මක වන්නේ පොලිස් වසම් 4 ක් තුළ පමණක් බවද.....- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා." අයියෝ එහෙනම් ඒක සුළු දෙයක්නේ! එකනේ අපි ඒ ගොල්ලන්ට ඉඩ දීලා, අල්ලනේ නැතිව බලන් ඉන්නේ! නැත්නම්, පොලිසියේ මෙච්චර දක්ෂ අපිට මර්දනය කරන්න බැරි කමට හෙම නෙවෙයි. අපිට දොස් කියන්න එපා.

:       0       0

රවින් Friday, 05 October 2018 01:29 AM

හැබැයි අපි දන්නා විදියට ත්‍රස්තවාදිනුත් වැඩිපුර ගැවසෙන්නේ කුඩා කණ්ඩායම් වශයෙන්... එ්ක ඔවුන්ගේ පැවැත්මේ උපාංගයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site