(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන්  704 දෙනෙකු  විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය අද(25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ.

මෙම නිවේදනය අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබී තිබේ. එම නිවේදනයේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක  සුජීව රත්නායක මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය පවුල ද සමග ඊයේ(24) දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.