
(චන්ද්‍රසේන ගමගේ)
අඟුණකොළපෑලැස්ස, වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් බව කියා ගත් පිරිසක් දරු පවුලක් මහ මඟට ඇද දමා ඔවුන් පදිංචිව සිටි ඉඩම් කට්ටියේ වගාකර තිබූ භවබෝග රාශියක් විනාශ කර දැමීමේ පුවතක් අගුණකොළපෑලැස්ස යකාගලින් වාර්තා වෙයි.
අගුණකොළපෑලැස්ස වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ඉකුත් 8 වැනිදා තමන් පදිංචිව සිටි ඉඩමට පැමිණ නිවස තුළ සිටි අය නිවසින් පිටතට කැඳවා නිවස සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමූ බව නිවැසියෝ පවසති.
ඒ අතරතුර දී තමන් පදිංචිව සිටි ඉඩමේ වගාකර තිබූ කෙසෙල් ගස් විශාල ප්‍රමාණයක් සමඟ පොල්පැළ 12 ක් ද කපා බිම දැමූ බවද ඔවුහු කියති.
සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සිටි පියුමි නිසංසලා නම් දෙදරු මව මේ සම්බන්ධයෙන් මෙසේ පැවසූවාය.
‘තමන් නිවසේ සිටින අතරතුර නිවසට පැමිණි වලව විශේෂ කලාප ශාඛා කාර්යාලයේ නිලධාරීන් දරු දෙදෙනා සමඟ නිවසින් ඉවත්වන ලෙස තමන්ට බල කර තමන් පදිංචිව සිටි නිවස කඩා බිඳ දැම්මා. තමන්ගේ වයස අවරුදු 4ක් වූ වැඩිමහල් දරුවා හඬා වැටෙද්දී එම නිළධාරීන් නිවස විනාශ කළා. ඉඩමේ තිබූ කෙසෙල් කැන් සහිත කෙසෙල් ගස් රාශියක් ද කපා දැම්මා. තම සැමියා එදිනෙදා කුලී වැඩ කරමින් පවුල නඩත්තු කරන්නේ. ඒ අවස්ථාවේ සැමියා කුලී වැඩ සඳහා නිවසින් බැහැරව සිටියා.’
තමන් පදිංචිව සිටින ඉඩමේ අයිතිය පිළිබඳ නඩු විභාගයක් අගුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වී තීන්දුවක් දී තිබූ බවත් එම තීන්දුවෙන් පිස්කල් නිළධාරියා මගින් තමන් ඉවත් කරන ලෙසට නියෝග කර තිබූ බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
තම දරු පවුල ඉවත් කරනවා වෙනුවට තමන් පදිංචි සිටි නිවස මහ පොළවට සමතලා කරන්නටත් භවබෝග විනාශ කරන්නටත් ඔවුන්ට බලය දුන්නේ කවුරුදැයි ඇය ප්‍රශ්න කරන්නීය.මේ සම්බන්ධයෙන් තමන්ට සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඇය වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.
මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ඇඹිලිපිටිය මහවැලි නේවාසික කළමනාකරු දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.





COMMENTS
නිවැසියන් ඉවත්කිරීමට බලය ලබාදී තිබුණත්... මහපොළවේ වැවුණු ගහකොළ කපා දැමීමට කිසිම උසාවියකින් බලය ලබානොදෙනු ඇත. අනවසර පදිංචිකරුවන්ට ඉඩම් ලබාදීමට හැකි ආකාරයක් ප්‍රදේශයේ බලධාරීන් කටයුතු කළ යුතුය.
මේ නිලධාරින් මනුෂ්‍යයෝද?
උස්තැන් දැක හැක්ලෙන්නේ... මිටි තැන් දැක ගොරවන්නේ...
මිනිස් වෙස් ගත් තිරිසන් යක්ෂයින් රැලක්..!!! ඒ මවගෙන් .. ඒ කුඩා දරුවාගෙන් පිටවුණු සුසුම් වැල් ශාපයක් වී ඔවුන් කරා පැමිණේවා...!!!
හොරෙන් ඉඩම් අල්ලන් වගාකරලා ඒකෙන් යන්න අධිකරණ තීන්දුව දුන්නාම ඒකෙ හදපු ගෙදර උස්සන් යන්නද?
මේ වගේ කාලකණ්ණි නිලධාරින් නිසා අපහසුතාවයට පත්වෙන්නේ නව ආණ්ඩුවයි. නීතිය ක්‍රියාත්මක කරන්න.
කෑගහන්න එපා.. බෞද්ධ රටේ මේවා පින් ගෙනදෙන වැඩ. 69 ලක්ෂයේ චාන්ස් දුන්නේ මේවගේ කැලෑ නීති ක්‍රියාවට නගන්න තමයි. ගොම කාලා හැදෙන කට්ටියක් තමයි මේ ගස් කොළන් විනාශ කරලා තියෙන්නේ.. බයවෙන්න එපා. අපේ රට බෞද්ධ රටක්. ඉතින් ගස්, ගල්වලට වඳින රටේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
නීතිය ක්‍රියාත්මක වීම ඉතා හොඳ වැඩකි. එහෙත් දුප්පත් අයට එක නීතියකුත්, පොහොසත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක වීම පිළිකුල් සහගතය. මේ ආකාරයට නීතිය අවභාවිතා කළ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ගැන නම් සැක සහිතයි.
මෙම පවුල නීතිවිරෝධීව උන්නා වුණත් මෙවැනි සාපරාධී වැඩකරන අය වහාම රැකියාවෙන් අස්කර දඬුවම් දිය යුතුයි. එක පැත්තකින් බලන කොට මිනීමරලා එල්ලුම් ගස් නියමවෙච්ච අය පවා පාර්ලිමේන්තු යන යුගයක මීට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...?
රජයේ දේපළ බලෙන් අත්පත් කරගෙන ඉන්න අය ඉවත් කිරීම නිලධාරීන්ගේ රාජකාරිය... මේක රැම්සා අභය භූමිය විනාශ කිරීම වගේ කුඩා පරිමාණයේ එකක්. දැන් රාජකාරිය නිවැරැදිව කරන මිනිස්සුන්ට පාරට වැටෙන කාලයක් ඇවිල්ලා වගේ...
මේ ඉඩම රජයේ රක්ෂිතයක්. ගරු අධිකරණයේ දීර්ඝ නඩු තීන්දුවකින් අනුවයි මේ ක්‍රියාපටිපාටිය සිදුවුයේ... මේ උදවියට ඉවත්වන ලෙසට නීත්‍යානුකූල ක්‍රමවේදයට් දැනුම් දී තිබුණා. මානුෂිකව මේ දෙස බලා වෙනින් ස්ථානයක ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර දීමට කටයුතු කරගෙන යනවා.
නීතිය ක්‍රියාත්මක කරනවා නේ.. එක රටක් අමුතු නීතියක්...
වෙනස සැපයිද?
ඕක තමයි ක්‍රමවේදය... මිනිස්සු මුලින් දැනුවත් වෙන්න ඕන නීතිය ගැන. අනික අයිති නැති ඉඩමක ගෙවල් නෙමෙයි මලිගා හදලා තිබුණත් කඩලා ඉවත් කරනවා. මේ රටේ ගොඩක් ඉඩම් නඩුවලට හේතුව මේ වගේ මෝඩ මිනිස්සු. පාසල් යන කාලයේ සිටම නීතිය ඉගැන්වීම කළයුතුයි.
මෙවැනි අමනයින් තවමත් අපේ රටේ සිටීම ඉතාම දුක්ඛදායක තත්වයක් බව බලධාරීන්ට පෙනේවා. ඉතාම ඉක්මණින් මේ අසරණ පවුලට පිහිටවී, මේ විදිහට විකාර කළ අයට හැකි දරුණුම දඬුවම් ලබාදීම රජයේ පරම යුතුකම වෙනවා.
කාලකණ්ණි, තිරිසන්නු...
හද සසල කරවන මේ දුක්මුසු පුවත ගැන සංවේදී මිනිසුන්ට දැනෙන්නේ අසීමිත හිත් වේදනාවක්. මෙහි සැබෑ තතු සියල්ල අප නොදන්නා මුත් මේ අසරණයින්ට මේ දේ කළ නිලධාරීන් ගැන සුදුසු ක්‍රියාමාර්ගයක් ඉක්මණින්ම ගෙන මේ අසරණයින්ට යහපතක් සැලසීම රජයේ වගකීම හා යුතුකම වන්නේය. ස්තුතියි.
පිස්කල් තීන්දුවක් දීලා තිබ්බා නම් කල් දීලනෙ යන්න කියන්නේ. එතකොට එයාලට අයිතියක් තියෙනවා එහෙම යවන්න. නමුත් මානුෂීය අතින් වැරදියි.. දරුවන්, එක්ක පාරට ඇදලා දාන එක. තමන්ගෙ නොවෙයිනේ...
එඩ්ගා කේසිගේ කථාවල පරිවර්ථනයක් ලෙසට පෙරකාලයේ වැඩසිටි හිමිනමක් පලකළ පොතක තිබුණා තරුණ කාලයේ ඇස් අන්ධ වූ කෙනෙකුගේ සිත කියවූ එඩ්ගාකේසි එම තැනැත්තා පෙර භවයක රජයේ අළුගෝසුවෙකුව සිටි කාලයේ උසාවියෙන් වරදකරුවූ අයගේ ඇස් අන්ධකිරීම නිසා වත්මනේ එලෙස විපාක ලැබුණා කියලා. (කරන කලට පව් මිහිරිය මීසේ කියලා කියන්න හිතුණා) මෙම පවුල මෙහි පදිංචි වුනේ ඉන්න හිටින්න තැනක් නැතිව වෙන්න ඇතිනේ. ඉතින් මෙහෙම නොකර මෙම ළදරුවන් සහිත පවුලේ අයට ඉන්න තැනක් හදලා දීලා මෙහෙම කරන්න කාටවත්ම හිතුණේ නැද්ද දෙයියනේ..?
මේ ගොල්ලෝ අර වනාථවිල්ලුවෙන් හරි, එළුවන්කුලමෙන් හරි කෑල්ලක් අල්ලා ගත්තා නම් ඉවරයිනේ. නඩුත් නැහැ. තව ටික දවසක්නි ඔප්පුත් දෙයි. වැඩේ ඉවරයි.
බයියන්ගේ ආණ්ඩුවනේ. දැන් මැරුවත් බයියන්ට පේන්නේ නෑ..
වාරිමාර්ග නිලධාරින් කියපුවාම කෙළින්ම චෝදනාව එල්ලවෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. නමුත් මේ සිද්ධිය අදාළ වෙන්නේ මහවැලි කාර්යාලයට... ඒ නිසා වාරිමාර්ග නිලධාරීන් යන්න මහවැලි නිලධාරීන් යනුවෙන් නිවැරැදි කරනවා නම් වඩාත් නිවැරැදි පුවතක් වෙන බව කාරුණිකව අවධානයට යොමු කරමි.