(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (30) පොරොන්දු වූවාය.
ඇය මෙසේ පොරොන්දු වූයේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනපති මන්දිරයේදී ඊයේ (30) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් කටයුතු කරන අතරේදී මානුෂීය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බව ජනාධිපතිවරයා තානාපතිවරියට පැවසුවේය.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදය ගැන අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්වයට පත්වනු ඇතැයි විශ්වාසය පළ කරන බවත් ජූලි චන්ග් මහත්මිය මෙහිදී සඳහන් කළාය.
මේ අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක මහතාද සහභාගි විය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.