එච්. චන්දන
නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවියක් ළඟ තබා ගත් පුද්ගලයකුට පුත්තලම මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුමපටබැඳගේ මහතා අද ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.
2010 වර්ෂයේ මැයි මස 10 වන දින හෝ ඒ ආසන්න දිනයක දී පුත්තලම - කුරුණෑගල මාර්ගයේදී ආණමඩුව පොලිස් ස්ථානයේ නිධාරින් පිරිසක් විසින් වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී ඇමරිකාවේ නිශ්පාදිත එම් 16 නැමති ස්වයංක්‍රීය ගිනි අවිය හා ජීව උණ්ඩ 30 සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන් එක් පුද්ගලයකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණු අතර ඒ අනුව වරදකරු වූයේ රාමළාන් මොහොමුදු හපීල් (38) නම් පුද්ගලයකුටය. ඔහු පුත්තලමේ ප්‍රබල දේශපාලනඥයකුගේ රියදුරු ලෙස සේවය කළේය. මෙම නඩුවේ දෙවැනි චූදිතයා වූ මොහොමුදු පාරුක් යුසුස් යන මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.