(මනෝප්‍රිය ගුණසේකර)
හදිසි අනතුරකට ලක්ව ඔස්ට්‍රේලියාවේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දස හැවරිදි පුත්‍රයාගේ සුවදුක් බැලීම සඳහා ඔහුට මාසයක කාලයකට ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ඔහුට එරෙහිව පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියම කළේය.
ඔස්ටේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම හා සාපරාධී සාවද්‍ය පරිහරණය කල බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැ`දවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත ඔහුට මුදාහැරීමටද නියම කළේය.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන බ්‍රැඩ් සැඩික් මහතා 2015 අගොස්තු මස 02වැනිදා පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් කරන ලද පරීඬණයකින් අනතුරුව නීතීපතිවරයා විසින් විත්තිකාර උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබි‚.
COMMENTS
මහත්මයා ඔබගෙ ළමුන්ට ලංකාව හොද මදිද?
අනේ අපිවත් එක්කන් යන්නකෝ....මීට තොත්ත බබාලා.......
කට ඇරියොත් දේශප්ප්‍රේමේ. ඒකට මොකද ළමයි රට.
විජාතික බලවේගවලට විරුද්ධව ගිරිය පුප්පන් කෑගහන දේශප්‍රේමියෝ ඔක්කෝම එක්කේ ඇමරිකන් කාරයෝ නැත්නම් ඕස්ට්‍රෙිලියන් කාරයන් මේක පුද්ම ලෝකයක්
මෙන්න නියම දේශප්‍රේමියන්...
බ්‍රයන් ශඩික්ව මෙල්බර්න් වලදී දැක්කොත් අඳුරන්නේ නැහැ වගේ බිම බලාගෙන යන්න. මෙහේ ඇවිල්ලා බැරිය මාධ්‍ය සාකච්ඡාවක් තියලා පතුරු ගහන්න. සුබ ගමන් දේශප්‍රේමයාණෙනි... පුතාට ඉක්මන් සුව පතමි.
හිටපු ජනපතිගේ මස්සිනා වගේ එන්නේ නැතිව ඉඳීවිද දන්නේ නැහැ.
සෙනෙවි, පිවිතුරුම හෙළ උරුමය ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ය.
සෙනෙවි ඔයා දන්නේ නැද්ද? අපේ දේශපාලකයින්ට ලංකාව තියෙන්නේ මංකොල්ල කන්න. ඒ සල්ලිවලින් ඔවුන්ගේ සිය පවුල පිටරටවල ජීවත් වෙමින් සැප විදිනවා. නැත්නම් ඔස්ට්‍රලියාවේ පවුලකට ජීවත් වෙන්න පුලුවන්ද මන්ත්‍රීකමෙන් ලැබෙන පඩියෙන් ? තව මැති ඇමති වරුන්ගේ පවුල් ඕස්ට්‍රලියාවේ ගොඩක් ඉන්නවා කිසිම රස්සාවක් නොකර සුර සැප විදිමින්.
යන්න අවසර දීල එන්න තහනම් කොලා නම් තමයි වැඩිය හොඳ!
ඔන්න පේනවද? කතාව නම් මහා ලොකු සිංහලය වගේ. එත් බුරුත්තම පිටරට
දේශප්‍රේමීන් තමන්ගේ ළමයින්ව පිට රට යවලා අධ්‍යාපනය දෙනවා . ඊට පස්සේ අපේ එවුන්ට වැදි බණ කියනවා.
මේ මිනිස්සු ඔක්කොම සුදු රෙදි ඇඳගෙන මොන බොරුවක්ද මිනිස්සුන්ට කරන්නේ? සුදු රෙද්ද ඇතුළේ කපටි, හොර පුද්ගලයෝ. යන්න දීල එන්න එපා කිව්වනම් හරි. මේ මනුස්සය අපේ රට කනවා.
සිය රට දේ...... සිරිසැප දේ කිව්වලු
හොඳම දේ දරුවන්ට කියලා කියන්නේ නිකන් නෙමෙයි නේ.
ගම්මන්පිල මහතාගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ ඇත. ඔහු ලංකාවේ ජාති හිතෛෂී ලාංකිකයක් වේ. දරුවන් අප දුන් මුදල් වලින් පිටරට ඉගෙන ගනියි. අසාධාරණය හෙළා දකියි. හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා රට රැකීම පිළිබඳව විස්තර ගෙනඑයි. අපි ඉතා අසාවෙන් ඒවාට සවන් දෙමු. මේ වගේ ගොන් පාට් දමන අමන දේශපාලකයන් වටා බඩගෝස්තරවාදී ඡන්දදායකයන් සිටින තාක්කල් මුළු මහත් ජනතාවටම අනාගතයක් ගැන සිතීමට පවා අපහසු වේ. ඒ අයගේ දරුවන් පිටරටවල සුවෙන් ඉගෙන ගනියි. අපේ දරුවන් විවිධාකාර අපහසුතා මැද ඉදිරි අනාගතයට මුහුණදෙයි. එය සත්‍ය යථාර්ථයයි. අවසානයට හක්කේ බුදුරැස් බොක්කේ දඩමස්... ලංකා මාතාවට සියලු දෙවිවරුන්ගේ පිහිටයි !!!