IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා, තලේබාන් සහ අයි.එස් ප්‍රහාර එල්ල වීමේ අවදානම මධ්‍යයේ පාකිස්තාන මහ මැතිවරණය අද (25) ආරම්භ විය. 

පාකිස්තාන ඡන්ද දායකයන් අද  (25) උදෑසනින්ම ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි. මිලියන 106ක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටින අතර පාකිස්තාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ප්‍රධාන පරිපාලන පළාත් හතරේ සභා සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්වේ. 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පී.ටි.අයි පක්ෂය සහ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල් - එන් පක්ෂය අතර දැඩි තරගයක් පවතී. නවාස් ෆරීස් දූෂණ චෝදනාවලට වැරැදිකරු වී මේ වනවිට සිර භාරයේ පසුවන අතර ඔහුට හමුදාවේ සහාය හිමිවන බවට නවාස් ෂරීෆ් සහ ඔහුගේ පක්ෂය චෝදනා කරයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ඉම්රාන් ඛාන් නවාස් ෂරීෆ් අපරාධකරුවකු බවත් ඔහුට කිසිවකුගේ සහාය හිමි නොවිය යුතු බවත් සඳහන් කරයි. 

මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ දැඩි උත්සහායක් තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද මානව හිමිකම් සංවිධානය උපුටා දක්වමින් පාකිස්තාන මෙන්ම විදෙස් මාධ්‍යය ද වාර්තා කර තිබිණි.

මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 372,000ක් යෙදවීමට පාකිස්තාන බලධාරීන් කටයුතු කර තිබූ අතර ආරක්ෂක අංශ සාමාජිකයන් පුළුල් අධිකරණ බලතල ලබාදීමට ද පාකිස්තාන මැතිවරණ කොමිසම පසුගිය සතියේදී පියවර ගත්තේය. 

ඒ.එෆ්.පී/රොයිටර්


(055)



අදහස් (0)

පාකිස්තාන් මහ මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1038 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site