IMG-LOGO

‘මෛත්‍රීගේ නාම යෝජනා දීම ගැන පොහොට්ටුව තවම තීන්දුවක් ගෙන නෑ’

නාලක සංජීව දහනායක

ඉදිරි මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීන්දුවක් ගෙන නැතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (10) පැවසීය.

එමෙන් මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන්නේදැයි තම පක්‍ෂය තවම තීන්දුවක් ගෙන නැතැයි ඔහු කීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහා මැතිවරණයට එක්ව තරග කරනවිට ඇතැම් දිස්ත‍්‍රික්ක සදහා වැඩිපුර අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තම පක්‍ෂයට ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීම් කර ඇති බව කීය.

දිගින් දිගටම එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙන්ව තරග කිරීමට සිදුවනු ඇතැයිද සඳහන් කළේය.

එමෙන්ම මහා මැතිවරණයට එක්ව තරග කළද මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය දැරූ සමයේ දී ගත් ඇතැම් තීරණ සම්බන්ධයෙන් විවේචන කිරීමට තම පක්‍ෂයට සිදුවනු ඇති බවද පැවසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 



අදහස් (19)

‘මෛත්‍රීගේ නාම යෝජනා දීම ගැන පොහොට්ටුව තවම තීන්දුවක් ගෙන නෑ’

kamil Monday, 10 February 2020 09:17 AM

එයාව දාන්න තරගෙට එතකොට පෙනේ කොකාගේ සුද...?

:       0       24

suddaMonday, 10 February 2020 10:03 AM

බුදුඅම්මෝ එපෝ. හැමදාම එයා කරේ අනුන්ට වැරැද්ද දාලා මගහරින එක... කොස් කොටපු කඩුව සහ මඩුවලිගය පෙන්ෂන් අරිමු ප්ලීස්...

:       0       53

HudsonMonday, 10 February 2020 11:03 AM

අනේ ජනාධිපති කෙනෙක් මෙහෙම බාල්දු වෙනවනේ..?

:       0       90

කපුරු හාමි Monday, 10 February 2020 09:37 AM

එයාට නාම යෝජනා නොදී කොහොමද? මොනතරම් ලොකු හපන්කමක්ද කෙරුවේ...?

:       0       11

hemantha Monday, 10 February 2020 09:38 AM

එයාට වගේම ඔයාටත් නොදෙනවා නම් පක්ෂය‍ට හොඳයි.

:       0       148

asela Monday, 10 February 2020 09:40 AM

මෛත්‍රී පොහොට්ටුවෙන් ඉල්ලලා යුඑන්පි එකට කෑල්ලක් ගලවාගෙන යන්නයි යන්නේ.

:       1       728

ජයන්ත මිලානෝ Monday, 10 February 2020 10:07 AM

මොන හිඟාකෑමක්ද? ලැජ්ජාවක් නැති එක මහමුදලිකමටත් වඩා ලොකුයිලුනේ....

:       0       17

විපරමා Monday, 10 February 2020 10:32 AM

මෛත්‍රී කෙසේවෙතත් රත්තරන් ගැන නම් නොදන්න කෙනෙක් නැහැ...

:       0       314

රවින් Monday, 10 February 2020 10:45 AM

ලංකාවේ පිහි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරායින් පසුව එයාට නාමයෝජනා දෙන්න...

:       0       44

Keppetipola Monday, 10 February 2020 11:04 AM

මේ බීච්බෝයි වත් ලබන ඡන්දයෙන් ගෙදර යවන්න ඕනෙම කෙනෙක්. ලබන ඡන්දයෙන් හොරුන්, රස්තියාදු කාරයින් පත් නොකර අවංක, බුද්ධිමත්, උගතුන් පාර්ලිමේන්තුවට පත්කිරීම බුද්ධිමත් ජනතාවගේ වගකීමයි...

:       0       142

De Monday, 10 February 2020 11:39 AM

එයා සහ ඔයා දෙන්නගෙන් කවුරු ඉල්ලුවත් එම පක්ෂයට ගොඩක් අය ඡන්දෙ දෙන එකක් නෑ. දැන් දැන් මහින්ද මහත්තයාටත් ටිකක් මිනිස්සු අප්‍රසාදය පලකරනවා. මොකද දැන් දේශපාලන නාටක ජනතාවට තේරෙනවා.

:       0       66

ලැවොයිසියර් Monday, 10 February 2020 12:08 PM

මේ වගේ ලොකු ලොකු කතා කියන්න රත්තරන්ට පක්‍ෂයෙන් බලයක් දීලා තියෙනවද...?

:       1       124

Hafeel Monday, 10 February 2020 12:23 PM

අනේ මෛත්‍රීට වුණු දේ.... හරියට ගුවන්තොටුපොළට යන හයර් වාහන වගේ අද මෛත්‍රිටත්, නිදහස් පක්ෂයටත් වෙලා තියන්නේ. ජනාධිපතිවරණයේ දිනන්න කල්, මෛත්‍රිත්, නිදහස් පක්ෂයත් හොඳයි. දැන් ඉතින් ඒ හයියෙන් දිනන්න පුළුවන්නේ. ජනවරමට පිටින් කටයුතු කළ නිසා මෛත්‍රිටත් වෙන්නම ඕනේ...

:       0       0

Amula Monday, 10 February 2020 12:24 PM

මේ කරන්න යන්නේ නඩුවලින් බේරෙන්නයි, තව ටිකක් ගසා කන්නයි....

:       0       0

kap Monday, 10 February 2020 12:26 PM

හිටපු පක්ෂ ලේකම් කෙනෙක්..., ඇමති කෙනෙක්, ජනපතියෙක්, මාල හොරෙක්ට හසුවූ ඒ මොහොත....

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 February 2020 12:57 PM

මෙයාව දාලද තුනෙන් දෙකක් ගන්න යන්නේ? එන්න දෙන්නම් තුනෙන් තුනම.

:       0       15

Chsthuri Monday, 10 February 2020 01:33 PM

මොවුන්ට ඡන්දෙ දෙන අයට ගහන්න ඕනෑ. නායකයත් එකයි, මැතිඇමතිලත් එකයි. අද මේවගේ අය වැජඹෙන්නේ ඡන්දෙ දෙන නිස‍ානේ... මහින්දව ගෙදර යැව්වම කිව්වේ කොහොමද? දැන් කොහොමද? මිනිස්සු බිලිගන්නා පාලකයින් 2005දී ඔප්පු කරලා පෙන්නුවා. සුනාමි ලැබුණු මුදල් ආධාර සේරම හොරාකාලා.

:       0       6

de silva Tuesday, 11 February 2020 08:21 PM

ඉන්න හැමෝටම මනාපේ ගහපු නිසා අපි කබලෙන් ලිපට වැටි ඇත. ලබනපාරත් මෙවැනි චරිත වලට මනාපේ ගසා අමාරුවේ වැටෙනවද ? කියා දෙවරක් සිතා බැලිය යුතුය.

:       0       0

de silva Wednesday, 12 February 2020 03:26 PM

හොරුන්ට, බොරුකාරයින්ට මනාප ගහලා වැඩක් නැත. මම මේ බලන් ඉන්නේ වියත්මගෙන් හෝ මොකෙන් හරි ලිස්ට් එකට අලුතෙන් එන පැරෂුට් කාරයකුට මනාපේ ගහන්න. හැමදාම පාර්ලිමේන්තු යන ගතානුගතික ඔළුගෙඩිවලට මනාපේ ගහලා එපා වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site