IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි සැකකරු රස පරීක්ෂක වෙත

ඩී.ජී.සුගතපාල
 
නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරිම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ අද (11) විභාගයට ගත් අවස්ථාවේ කටහඬ පරික්ෂණයක් සඳහා දෙවැනි සැකකරු රජයේ රස පරික්ෂණවරයා වෙත ඉදිරිපත් කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.


මහේස්ත්‍රාත්වරයා මෙසේ අවසර ලබාදුන්නේ සැකකරු නැව් අතර සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් කටහඬ පරික්ෂණයක් සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙස කරන ලද ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවය. 


ඇවන්ගාඩ් නෞකාවේ කපිතාන්වරයාවු ගෙනඩි ගැව්රිලොව් පාවෙන අවි ගබඩාවේ අවි බාරකරුවන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න  සහ එහි මෙහෙයුම් කළමනාකරුවන මිල්ලනියගේ  සුමුදු නිලුපුල් කොස්තා යන සැකකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.


පළමු සැකකරුගේ නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ ඔහු මෙම ගිනි අවිවලට කිසිදු සම්බන්ධයක් නොමැති අතර ඔහු කලේ කපිතාන් හැටියට රැකියාවක් පමණක් බවය.


නීතිවිරෝධි ගිනි අවි ප්‍රවාහනය කිරිමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔත්තෝබර් 15 වැනි දා  ඇවන්ගාඩ් නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙන ලදී.


ඒ අනුව කරන ලද පරික්ෂණවලදී නැවේ තිබී ටි56 ගිනි අවි 549ක් 84 එස් ගිනිඅවි 264ක් එල්.එම්.ජී.ගිනිඅවි 2ක්ද උණ්ඩ 204674ක් සොයාගෙන ඇත.


වැඩිදුර විභාගය දෙසැම්බර් 16 වැනි දාට කල් තබන ලදී.
 



අදහස් (0)

ඇවන්ට්ගාඩ් නඩුවේ දෙවැනි සැකකරු රස පරීක්ෂක වෙත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 717 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 883 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site