IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට වරෙන්තු

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය.

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතර පොලිසිය එහි කඩා වැදීමෙන් පසු මියගිය එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරන සහකාර පොලිස් අධිකාරීවරයා දැනට ඇප මත නිදහස්ව සිටී.

ඊට අමතරව ඔහුගේ ඇපකරුවන්ට ඊළඟ නඩු දිනය වූ 2020 වසරේ මාර්තු 3 දින අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි ද නිකුත් කළාය.

වර්ෂ 2016 ජනවාරි 4 දින රාත‍්‍රී ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ නිවසක පැවති සාදයට කඩා වැදුණු පොලිස් නිලධාරීන් අතර එවක ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩී.ඩබ්.ධර්මරත්න මහතා විසින් සුමිත් ප‍්‍රසංග ජයවර්ධන (29) තරුණයා ඉහළ මාලයකින් පහළට තල්ලූ කළ බවට සැකකරමින් මෙම නඩුව පැවැත්වෙයි.

එම සිද්ධියෙන් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී සුමිත් ප‍්‍රසංග මරණයට පත්විය. දැනට වර්ෂ හතරකට ආසන්නව පවතින මෙම සිද්ධිය තවමත් මූලික විමර්ශන මට්ටමේ පවතී. එහි ලඝු නොවන නඩු විභාගය තවමත් පටන් ගෙන නැත.

මේ සම්බන්ධව වැඩිදුර විභාගය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ 26 කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි සැරයන්වරයා පැවසුවේ සිද්ධිය සම්බන්ධ රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාත්, ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙසුත් මෙතෙක් ලැබී නැති බවයි.

විජිත ජී පුංචිහේවා මහතාගේ උපදෙස් මත  මරණකරුගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්‍ෂමන් රණසිංහ මහතා පැවසුවේ මේ සිද්ධියට වසර හතරක් ගතවීමට තව ඇත්තේ මාසයක් පමණක් බවයි. පරීක්‍ෂණ අවසන් කිරිමට රහස් පොලීසියට තවමත් නොහැකිවීම අගතියට පත් පාර්ශවය තවත් අගතියට පත් කිරිමක් බවද නීතීඥවරයා පෙන්වා දුන්නේය.

විමර්ශන පැවැත්වූ රහස් පොලීසිය හැම නඩු වාරයකදීම පවසන්නේ රජයේ රස පරීක්‍ෂක වාර්තා සහ නීති උපදෙස් මෙතක් ලැබී නැති බව යන්න යැයි ද නීතීඥවරයා පැවසුවේය. ඊළඟ නඩු දිනයට නීති උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස නියෝග කළත් ඊළඟ නඩු දිනයේත් එයම ප‍්‍රකාශ කරන බව ද නීතීඥවරයා කීවේය.

පෙර නඩු දිනය වූ ජූලි 30 දින කැඳවු අවස්ථාවේ දී මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා සිද්ධියේ විමර්ශන කටයුතු බාරගෙන ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දිගින් දිගටම මේ සිද්ධිය සම්බන්ධයෙන් උදාසීනව කටයුතු කරන බව අධිකරණයේ අවධානයට ලක්කළ බවද කීවේය.

එපමණක් නොව අද දින සැකකරු ද අධිකරණය පැමිණ නැති බවත් විමර්ශන නිලධාරීන් වගේම සැකකරුත් සිද්ධිය සම්බන්ධයෙන් සැහැල්ලූවට සිතන බව සඳහන් කළේය.

සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් නීතීඥ රසිකා විජේකෝන් මහත්මිය පෙනී සිටියාය. ඉදිරිපත් කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරිය සැකකාර සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.ධර්මරත්න මහතාට විරුද්ධව වරෙන්තු නිකුත් කළේය. එසේම ඔහුගේ ඇපකරුවන්ට ද නොතීසි නිකුත් කරමින් වැඩිදුර විභාගය 2020 මාර්තු 3 වැනිදා තෙක් කල් තැබීය.



අදහස් (2)

ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී ධර්මරත්නට වරෙන්තු

kamani Tuesday, 26 November 2019 11:19 AM

මොහු ජිවිතාන්තය දක්වා කුඩුවේ සිටිය යුතු කෙනෙක්.

:       0       0

Mahee Tuesday, 26 November 2019 12:42 PM

අවුරුදු 4 ක් ගිහිල්ලත් මුලික විමර්ශනවත් අවසන් නැහැ! රස පරීක්ෂක වාර්තා, නීතිපති වාර්තා ලැබී නැහැ. පැමිණිල්ල හැමදාම එකම දේ කියනවලු වාර්තා නැහැ කියලා. ප්‍රශ්නයක් නෑ. කොයිතරම් සානුකම්පිතද නඩුකාර උත්තමයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 324 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site