(තරිදු ජයවර්ධන සහ ඩයනා උදයංගනී )
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය මගින් අද කතානායක කරුජයසූරිය මහතාට දුන්නේය.
එම යෝජනාවට පක්ෂව අත්සන් 66 ක් ලැබී තිබේ.
රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ චෝදනා 10කින් යුත් මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන උදය ගම්මන්පිල මහතා ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් කතානායක කරු ජයසූරිය මහතාට අද (16) භාර දුන්හ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.