IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක්

(ජයන්ත සමරකෝන්)


ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සමඟ සම්බන්ධකම් පවත්වන කැබිනට් ඇමතිවරු සිව්දෙනෙකු සිටින බව හෙළිකරන සන්ධාන මහ ලේකම්වරයා එවැනි ඇමති මණ්ඩලයක තවදුරටත් නොසිට තම කණ්ඩායම සමඟ වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු  යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද(25) පැවසීය.


මෙම සිව්දෙනාම එක්සත් ජාතික පක්ෂයේ මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව දන්නේ නම් තවදුරටත් මේ ආණ්ඩුව තුළ සිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.


ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයද එක්සත් ජාතික පක්ෂයේ සැලසුමක් බවට එම පරීක්ෂණවල මන්දගාමී බව තුළින් දක්නට ඇතැයිද, අගමැතිවරයා ඉවත්කර කාර්යභාර ආණ්ඩුවක් බිහිකිරීම වහා සිදුවිය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය.


පුංචි බොරැල්ල නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවති 15 කණ්ඩායමේ මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

(ඡායාරූපය - ශාන්ත රත්නායක)



අදහස් (2)

ඩිලාන්ගෙන් අමරවීරට ප්‍රශ්න දෙකක්

kap Thursday, 25 October 2018 12:26 PM

කෙලින්ම කෝල් එකක් දීල අහනවකො කියපු කෙනාගෙන්..ඊට පස්සෙ නම් ටික ප්‍රසිද්ධ කරනවකෝ..බොරුකාරයා

:       0       0

Dayana Thursday, 25 October 2018 12:48 PM

මෙයාට ඔලුව හොඳ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site