
(අතුල බණ්ඩාර)
කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවී දුම්රිය අනුරාධපූර, සාලියපුර ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
බලවේග කට්ටල දෙකකින් සමන්විත දුම්රියේ පිටුපස කොටසේ එක් බලවේග කට්ටලයක් මෙලෙස පීලි පැන තිබේ.
දුම්රිය පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර මේ වන විට දුම්රිය පීලිගත කිරීම් ආරම්භ කර ඇති බව දුම්රිය මාර්ග පරීක්ෂකවරු පවසති.
කොළඹ කොටුවේ සිට ගමන් ගන්නා දුම්රිය අනුරාධපුරය දුම්රිය ස්ථානයට පමණක් සීමා කර තිබෙන බව දුම්රිය පාලක මැදිරි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd