
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.
ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි.
නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී වෙඩි තැබ්ම සිදුවී ඇති බව පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.
මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය කියයි.
මේ ආකාරයටම ඊයේ(25) රෑ ද වතුගෙදර ආදාදොල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු ඉලක්ක කරමින් මේ වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය කියයි.
ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මේ වෙඩි තැබීම සිදුකර් ඇති බවද පොලීසිය කියයි.
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර හැළඹගේ පේමසිරි ඝාතනයේ පධාන සැකකරු වෙඩි තමා ඉලක්ක කරගනිමින් වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී තමන් ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුනේ සිංහල බෞද්ධයන් සමග සෙල්ලම් නෑ පුතෝ....
පාතාල නායකයාගේ බෑනණුවන් නියෝජ්‍ය විදුහල්පති. ලංකාවේ පමණයි.
මේ රට මෙහෙම තියනවා පුදුමයි
අරගලයේ හිටිය විදුහල්පති කෙනෙක් කියලා ලියන්න අමතක වෙලා.
ඔය තුවක්කු කොහෙන්ද? ඕවා... හොයන්න ඇයි පොලිසිය උනන්දු වෙන්නේ නැත්තේ...? ඕවා අරගෙන පාරේ යනකොට අහුවෙන්නේ නැත්තේ අයියේ. ඉඳිකට්ටක් කට්ටක් නෙමෙයි නේ. දකුණම ලොක්ඩවුන් කරලා චෙක් කෙරුවානම් පාතාලේ බාගයක් අඩුවෙනවා.
පොලිසියෙන් අල්ලන පාතාලයින්, කුඩු කාරයින්, දූෂකයින්, මිනීමරුවන් උසාවියෙන් නිදහස් වෙනවා. ඔවුන් නැවත සමාජගතවෙලා සුපුරුදු දේම කරනවා. සමාජය හැම දෙයක්ම තමතම පටු දේශපාලනික සහ ආගමික මත මත හිඳගෙන ඒ වැරැදි විනිශ්චය කරන්න යනවා. තද නීති ඇවිත් ඒවා හොඳින් ක්‍රියාත්මක වන පරිසරයක් ආවොත් පමණක් රට යහමගට යාවි. නැත්නම් එන්න එන්නම පිරිහීම කරායනවා..
මේ වෙඩිකාපු නියෝජ්‍ය විදුහල්පති කියන අය මීට පෙර සිදුවීම් සඳහා සිරගතව සිට ඇප මත සිටින අයෙක්... ධර්මාශෝකයේ වර්තමාන විදුහල්පතිගේ නොමනා ක්‍රියාවන්ට සහාය ලබාගැනීමට මේ තැනැත්තා පාසැලට කැඳවාගෙන දරුවන්ගේ විනය පාලක තනතුරට ඔහු පත්කරලා තියනවා...
dan nam lankawe araksa wela jeewath wenna kata punchek ganna wenawa.
රටකට ගිය කලක්...!
විනය පාලකගේ විනය අය්යෝ. විනය පාලක සිරගතව සිට නිදහස ලැබූ කෙනෙකි.මේ වගේ වගේ නි : විදුහල්පති වරු ඉන්න ඉස්කෝල වල ළමයි ගැන කවර කතාද. ළමයි විතරක් නෙමෙයි විදුහල්පති වරුන්ගේත් විනය අන්තිමයි.
විනය හදන්න දෙන්න ඕනේ එහෙම අය තමයි.දැන් දකුණ නිකම් චිකාගෝවක් වගේ වෙලා. පොලිසියට බැරි නම් එස්.ටී.එෆ් එකට භාර දීලා මේවා ඉක්මනින් අවසන් කරන්න