(පැතුම් දර්ශන)
සිය කුඩම්මාගෙන් සිදුවන හිරිහැර දරා ගත නොහැකි වූ වයස අවුරුදු 11ක දැරියක් තනිවම පොලිසියට පැමිණි බව හොරොව්පොතාන පොලිසිය කියයි.
දැරියගේ මව මීට අවුරුදු පහකට පමණ පෙර මියගොස් ඇති අතර පසුව ඇගේ පියා දියණියක් සිටින වැන්දඹු කාන්තාවක් විවාහ කරගෙන සිටින බව පොලීසිය පවසයි.
කුඩම්මා ඇගේ දියණියට ඉතා ආදරයෙන් සලකන බවත් තමන්ට බැණ වදිමින් හිරිහැර කරන බවත් දැරිය පොලිසියට පැමිණ පවසා ඇති අතර කුඩම්මා විසින් සිදුකරන හිරිහැර ඉවසා ගත නොහැකි තැන මෙලෙස පොලීසියට පැමිණි බව දැරිය හඬමින් පැවසූ බව පොලීසිය කියයි.
දෑරියගේ නිවසේ සිට පොලිසියට කිලෝමීටර් හතරක පමණ දුරක් ඇති බව පවසන පොලිසිය ඇය පා ගමනින් එම දුර ගෙවා ගෙන පැමිණ මෙම පැමිණිල්ල සිදුකර ඇති බවද කියයි.
ඒ අනුව දැරියගේ කුඩම්මා වන හතළිස් එක් හැවිරිදි කාන්තාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට(05) ඇය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතාගේ අධික්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක රංජනී මහත්මිය ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.
COMMENTS
සියලුම දරුවන් පරිවාස අධීක්ෂණයකට යටත් කරන්න ඕනි. විශේෂයෙන්ම මව හෝ පියා හෝ දෙදෙනාම නැත්නම් ඒ දරුවන් ගැන සමීප අධීක්ෂණයක් තිබිය යුතුයි. මේ තරම් දෙයක් වෙනකම් නොදැන සිටීම නිලධාරීන්ගේත් රාජකාරිය පැහැර හැරීමක්. අම්මා නැති කළ අප්පා කවර කළේ කියලා මේ දරුවගේ තාත්තවයි මුලින්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ඕනි. මේවාට ආධාර අනුබල දෙනවට.
හුගක් කුඩ මම්මලා ඔහොම තමයි. නමුත් දෙවිවරු වන් කුඩම්මලත් අප අතර ඉන්නවා.
බළල්ලු ලවා කොස් ඇට බාවන්නෙ දැරියගේ පියා වෙන්න ඇති නැත්නම් ඔය වයසේ දැරියකට ඔපමන දුරක් කිසිවෙකුට නොපෙනී යන්න අමාරුයි. පියාට කැදයි රැවුලයි දෙකම ඕන නිසා කරන්න ඇති කියලා හිතෙනවා. ළමා කටයුතු සදහා වැටුප් ගන්න නිළධාරින් නම් වැහිවැහැලා ඉන්නවා. දැන් කාලයේ ග්‍රාම සේවා නිළධාරින් ඔහොම වුනාට ඉස්සර හිටපු ග්‍රාම සේවකලා නම් කොපමණ දක්ෂද ඔවුන් ගමේ තියෙන කාර්‍යාලයේ පැය 24 ම වැඩ කලා. ඔවුන් අපිට රාත්‍රියේ වුනත් අවශ්‍යතා (ග්‍රාම සේවා සහතික දීම වගේ දේවල් ) ඉටුකර දීලා තියෙනවා. දැන් කාලයේ විශ්‍රාමිකයින් සදහා නොමැරී ඉන්නවා කියලා සහතික ගන්නත් කම්මැලියි.
කුඩම්මා පොලීසියට අල්ලලා දුන්නා කියලා තාත්තා ළමයට අල්ලගෙන තලයිද?
ඒ දැරිවිය අපිට දෙන්න... අපි රැකබලා ගන්නම්..!