(එම් .සුසිල් ප්‍රියන්ත)
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ට රටේ වත්මන් ඇමතිවරයකු එල්ල කළ චෝදනාව තරයේ හෙළා දකින බවත් රටේ ප්‍රශ්න අමතක කිරීමට රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඳා ගැනීම බාල වර්ගයේ දේශපාලන උප්පරවැට්ටියක් බවත් සජිත් ප්‍රේමදාස මහතා රත්ගමදී පැවසීය.
රත්ගම පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
ඒ මහතා මෙසේද පැවසීය.
‘’රජයේ ඇමතිවරයෙක් කියනවා 2011දි පැවති ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේදි අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය පාවා දුන්නා කියලා. ඕන කමින්ම තරගය පැරදුනා කියලා.
කාටද මේ ඇගිල්ල දික්කරන්නේ.කුමාර සංගක්කාරටයි මේ කියන්නේ. තරගය පාවාදුන්නයි කියන ක්‍රීඩකයාගේ නම කියන්නේ නැහැ. ක්‍රීඩකයින් අපහසුතාවයට පත් කරන්නෙත් නැහැලු.
නමුත් එදා ටීම් එකේ කැප්ටන් කුමාර සංගක්කාරයි.උප නායක මහේල ජයවර් ධනයි. ලසිත් මාලිංග, තිලකරත්න දිල්ශාන් ,මුත්තයියා මුරලිදරන් වැනි ක්‍රීඩකයොත් මේ ටීම් එකේ හිටියා.
රජයේ ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද මේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන්නා කියලා. ඕනකමින්ම අවසන් මහා තරගය පැරදුනා කියලා .
මම පැහැදිලිවම කියන්න කැමතියි 2011දි ලෝක කුසලාන අවසන් මහා තරගයේදි සිදුවුණා යැයි කියන සිද්ධිය ලෝක ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර් ධන ඒකකයට ඇයි එදා පැමිණිලි නොකළේ.
ඒ ක්‍රිකට් ඒකකයේ ප්‍රධානියා වන මාෂල් මහත්තයාට එදා පැමිණිලි නොකළේ.මේ ඔක්කොම පිටු පස්සේ මොකක්ද තියෙන්නේ. රජයට ඕන කරලා තියෙනවා මේ කොරෝනාවෙන් රට වැටි තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න බැරි රජය වැඩ බැරි ආණ්ඩුව අකාර්‍යක්ෂම ආණ්ඩුව නන්නත්තාර ආණ්ඩුව ඒ ඇත්තෝ හදනවා මේ මැතිවරණ සමයේ කොරෝනාවෙන් විපතටපත් ජනතාවත් ආර් ථිකයවත් නොවේ 2011 ලෝක කුසලානය තරගය කරා රටේ ජනතාවගේ අවධානය යොමුකරන්න .
මැතිවරණ වේදිකාව ඒ දෙසට යොමුකරවන්න . මෙන්න අරමුණ මම පැහැදිලිව කියනවා කුමාර සංගක්කාරලා ,මහේල ජයවර්ධනලා, තිලකරත්න දිල්ශාන්ලා ,ලසිත් මාලිංගලා,මුත්තයියා මුරලිදරන්ලා ඇතුලු 2011 අපේ ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඩ ගහන්න එපා.අපහස කරන්න එපා.බොරු කතා හදන්න එපා.
ඒ අයගේ චරිතය ඝාතනය කරන්න එපා.අනුන්ගේ චරිතය ගැන චරිත සහතික දෙන්නට පෙර කරුණාකර යන්න කණ්ණාඩියක් ඉස්සරහාට යන්න. හොදින් බලන්න තමන්ගේ අඩුපාඩු දිහා.තමන්ගේ අඩුපාඩු හදාගෙන ඕන අනුන්ගේ අඩුපාඩු දිහා බලන්න.
හදිසියේම 2011දි ලෝක කුසලානය මේ ඇමතිවරයාට මතක්වුනේ ඇයි. එතකොට කවුද ක්‍රීඩා ඇමතිවරයා. මේ වගේ බොලද දේශපාලන උප්පරවැට්ටි අපි හෙළා දකිනවා. අපි කවදාවත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ වීරෝධාර ක්‍රිකට් ක්‍රීඩකයින් තරග පාවාදෙනවා කියලා. එහේම ක්‍රිකට් ක්‍රීඩකයෝ අපේ රටේ නැහැ.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අභිමානය හැල්ලු කළ මේ ඇමතිවරයාට අපේ විරෝධය පල කරනවා.ඒ වාගේම ඒ ක්‍රිකට් ක්‍රීඩකයින්ට මෙයින් යම් අපහසුතාවක් ඇති වුණානම් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා.
මේ වගේ බාල බොලද දේශපාලන උපක්‍රමයන් දාලා රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන ඇමතිවරුන් අපේ රටේ ඉන්නවායි ඇසීමත් අපිට හරි කණගාටුවක්. දේශපාලනයට ක්‍රීඩාව ගාවා ගැනීම පිළිබඳවත් අපිට ඇත්තේ දැඩි පිලිකුලක්.
COMMENTS
වෙදිකාවට නැගලා අනුන්ගෙ බයිලා ගහනවා. ඉදිරියට මහජනතාවට කෙරෙන දෙයක් ගැන කතා කරන්නෙම නැහැ. උදාහරණයකට අපේ ජනාධිපතිතුමාව අරන් හැදෙන්න බලන්න.
ඉස්සෙල්ලා හරීන්ගෙන් අහන්න හෙළා දකින්න එපාද කියලා.. හරීන් තමයි හොරුන් අල්ලන පනත ගෙනාවෙ.. ඔහු පවා කියන්නේ ඔය කතාව ගැන විමර්ෂණයක් කරන්න කියලා..මට පේන්නේ සජිත්ට වඩා හරිනු සුදුසුයි කියලා නායකකමට... සෑම දෙයක්ම හොදින් සොයාබලා කටයුතු කිරීම නායකත්වයේ ලකුණක්...
මෙක තනිකරම දේශපාලන උප්පරවැට්ටියක්..ඔබ හරි සජිත් තුමෝ...මෙ මහින්දානන්දට දැන් එල්ලෙන්න වැලෙ වැල් නැහැ. මොකක් හරි සෙල්ලමක් දාලා හරි මහජනතාව චන්දයෙන් රවටන්න තමයි හදන්නේ... ඔබතුමාලා හොරකම් නැති පිරිසිදු දේශපාලනයට මහජනතාව ඉතිහාසගත විශාල චන්ද ප්‍රමාණයකින් දිනවනවා. සජිත් තුමෝ ඔබට ජය...!!!
සජිත් ගෙ කතා නං හරි නැහැ . එයාට ගොඩාක් දේවල් හදාගන්න තියනවා . ඇත්තෝ වගේ කතා හරි නැහැ .
අපි ක්‍රිකට් ලෝලීන්. පැහැදිලිවම ඒ මැච් එක ගැහුවෙ නැහැ. අත හැරියා. මතක් වෙන කොටත් දුකයි ඒ ගැන. ඒත්, පාවා දීමක් ගැන මින් කියවෙන්නේ නැත.
මැච් එක වික්ක බව අපි එදාම කිව්වා. කෝ ඉතින් මුන් ඇහුවෙ නැහැනේ...
දැන් අය එහෙමයි කියලා මෙයාව බලයට ගේන්න තරං අපිට පිස්සු නෑ
ඔයා වේදිකාවට නැගලා හස්ත මුද්‍රාවෙන් අදහස් ප්‍රකාශ කරන්න... කතා කරන්ඩම එපා...
ලෝකෙ හොඳම ක්‍රිකට් කණ්ඩායම වෙලත් ලංකාව එදා ක්‍රීඩාකරපු හැටි අපි බලාගෙන හිටියේ බොහොම වේදනාවෙන්. ක්‍රිකට් ගැන නොදන්නා කෙනෙකුට මේක පෙනෙන්නේ දේශපාලන ගුණ්ඩුවක් විදියට විතරයි. නොදන්නා දෙයකට කට නොදා ඉන්නවා නම් හොඳයි.
අදාළ කතාව ගැන විමර්ශනයක් කිරීම වැදගත්.. ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනය ගාවන්න එපා යයි කිව්වාට, සෑම රජයකින්ම වාගේ එසේ වුණු බව මතකයක් තියෙනවා...
මහින්දානන්ද මේ ප්‍රකාශය කරන්න හිටියා කල් වැඩියි තමයි. නමුත් ඒක බොරුවක්ම නෙමෙයි. එදා ඔය අවසන් තරගය බලද්දී අයියෝ කියලා හිතුණා. අනික සජිත් මෙහෙම කෑගහන්නේ එයා දන්නේ නැද්ද ICC එක අපේ හොඳ ක්‍රීඩකයන් කීපදෙනෙක් ගැනම විමර්ෂණය කරන බව..?
අරවින්දත් බබෙක් නොවෙයි, ඔවැනි චෝදනා කොච්චර තිබුණාද? 1992 ඔස්ට්‍රේලියාව් ගහපු ටෙස්ට් මැච් එක දිනන්න ඔන්න මෙන්න තිබෙද්දී මෙයා ඕනෑකමින් සරල උඩපන්දුවක් දීලා අවුට් වෙලා ගියා.., පස්සේ ඕස්ට්‍රේලියාව දින්නා. ෂේන් වෝන් කඩුලු 8ක්ද කොහෙද ගත්තා නේද 2 වැනි ඉනිමේ...
මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් කළ යුතුමයි.