IMG-LOGO

රොහින්ග්‍යා ඝාතනය හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට සත් වසරක සිරදඬුවම්

යැන්ගොන්හිදීය (රොයිටර්)
 
රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරුවන් කරමින් මියන්මාර විනිසුරුවරයකු අද (3) රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට වසර හතක සිර දඬුවමක් නියම කළේය. 
 
මෙම ඓතිහාසික නඩුව අග්නිදිග ආසියානු රටක් වන මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුවහන් කරනු ඇත.  
 
නැගෙනහිර මියන්මාරයේ දිස්ත්‍රික්කයක් වන යැන්ගොන්හි හි විනිසුරු යේ ල්වින් අදාළ නඩු තීන්දුව ලබාදුන් අතර රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් වන වා ලෝන් (32) සහ ක්යාව් සෝ ඕ (28) රහස්‍ය තොරතුරු ලබාගනිමින් එරට රාජ්‍ය රහස් පිළිබඳ නීතිරීති උල්ලංඝණය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

යටත්විජිත සමයේ සම්මත කරගන්නා ලද රාජ්‍ය රහස් පිළිබඳ පනතකට අනුව රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා වරදකරුවන් කර ඇත. 
 
“විත්තිකරුවන් රාජ්‍ය රහස් පිළිබඳ පනතේ 3.1.සී වගන්තිය උල්ලංඝණය කර තිබෙනවා. එම නිසා ඔවුන්ට වසර හතක සිරදඬුවමක් නියම කරනවා” යැයි විනිසුරු යේ ල්වින් සඳහන් කළේය. පසුගිය වසරේ දෙසැම්බර් 12 වැනිදා සිට ඔවුන් සිරභාරයේ පසු වූ අතර එම කාලය ද දඬුවමට සැලකිල්ලට ගන්නා බව විනිසුරුවරයා පැවැසීය. 
 
විත්තියට මෙම තීරණය අභියෝගයට ලක්කරමින් ප්‍රාන්ත උසාවියකට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ හැකියාව තිබේ. 
 
නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූ කීගේ ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබෙන අවස්ථාවක මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට රඛීන් ප්‍රාන්තයේ රොහින්ජා මුස්ලිම් වැසියන් ඉලක්ක කරගනිමින් ආරක්ෂා අංශ ප්‍රහාර එල්ල කරන බවට මියන්මාර රජයට චෝදනා එල්ල වී තිබේ. 
 

උන්හිටි තැන් අහිමි රොහින්ග්‍යා වැසියෝ  700,000කට වැඩි සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලයේදී බංග්ලාදේශයට පලාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. තවත් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. 
 
ආරක්ෂක අංශ රොහින්ග්‍යා ඝාතනයට කරන බවට පළවූ වාර්තා පිළිබඳ ගවේෂණයක නිරත වෙමින් සිටියදී රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා එලෙස අත්අඩංගුවට පත්විණි. 
 
සිර දඬුවමට ලක්වූ මාධ්‍යවේදීහු දෙදෙනා තමන්ට එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරති. 
 
මාධ්‍ය නිදහස වෙනුවෙන් හඬ නගන සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය යන ජාත්‍යන්තර සංවිධාන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කරන්නැයි ඉල්ලා ඇත. 
 
“අද මියන්මාරයට කනගාටුදායක දවසක්. රොයිටරර් පුවත් සේවයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනා වන වා ලෝන් සහ ක්යාව් සෝ ඕ මෙන්ම ලොව හැම තැනම සිටින මාධ්‍යවේදීන්ට කනගාටුදායක දවසක්” යැයි රොයිටර් පුවත් සේවයේ කර්තෘ ස්ටීවන් ජේ ඇඩ්ලර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
“වා ලෝන් සහ සහ ක්යාව් සෝ ඕ මෙම අයුක්තිය සහ අසාධාරණය විඳිය යුතු නැහැ. අපි ඉක්මනින් මේ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. අපි ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට ද බලාපොරොත්තු වෙනවා” ස්ටීවන් ජේ ඇඞ්ලර් වැඩිදුරටත් සඳහන් කළේය.
 
අත්අඩංගුවට පත්වීමට පෙර ආපනශාලාවකදී පොලිස් නිලධාරීන් දෙදෙනකු තමන්ට ලියකියවිලි කිහිපයක් ලබාදුන් බව රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා අධිකරණය හමුවේ පවසා ඇත. 
 
මෙම මාධ්‍යවේදීන් දෙදෙනා රොහින්ග්‍යා මුස්ලීම් වැසියන් ඝාතනය කෙරෙන බවට පුවත් වාර්තා කළ අතර සමූල ඝාතනයක් සිදුවන බවට මුලින්ම වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනා වා ලෝන් සහ සහ ක්යාව් සෝ ඕ යැයි ද පැවසේ. 
ඔවුන් එසේ වාර්තා කිරීම වැළැක්වීම සඳහා හෝ ඔවුන්ට දඬුවම් දීම සඳහා හෝ ආපනශාලාවේ හමුව සැලසුම් කරමින් රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනා උගුලකට හසුරගෙන ඇතැයි එක් සාක්ෂිකරුවකු පාපොච්චාරණය කර ඇත. 
 
නඩුවේ තීන්දුව ලබාදෙන අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු 80කට වැඩි පිරිසක් අධිකරණය තුළ සිටියහ. 

විනිසුරු යේ ල්වින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර පැයකට ආසන්න කාලයක් සාක්ෂි සම්පිණ්ඩය කියවූ අතර ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා එය සතියක් ප්‍රමාද වී තිබිණි.

“මාධ්‍යවේදීන් දෙදෙනා සතුව තිබූ ලියකියවිල රාජ්‍යයේ සතුරන්ට සහ ත්‍රස්තවාදී සංවිධානවලට ප්‍රයෝජනවත්. ඔවුන් සතුව තිබූ ලියකියවිලි සහ ඔවුන්ගේ දුරකතන මහජන තොරතුරු නෙවෙයි” යැයි විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. 
 
055

 



අදහස් (6)

රොහින්ග්‍යා ඝාතනය හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට සත් වසරක සිරදඬුවම්

Bamunuarachchi Monday, 03 September 2018 01:26 PM

1950 ගණන්වල ලංකාවටත් භික්ෂුන් පැමිණි බෞද්ධ රටට මේ මොකද වූයේ . එහෙම වුණේ ඔබලා අතර ඥානෙස්ස්ර වැනි හාමුදුරුවරුන් නොසිටි නිසයි. යහපාලකයෝ තවදුරටත් සිටියොත් අපිට වෙන්නෙත් ඔය ටිකය. ඒ බුද්දාගම නැතිවී ලෝකය සූරාකන වෙන ආගමක් මෙහේ පැලපැදියම් වීමය. මෙහෙ ඉන්න අයට එය පෙනෙන්නේ නැත.

:       126       151

ජයරත්න Monday, 03 September 2018 02:02 PM

නිර්භීත මාධ්‍යවේදීන් දෙදෙනාට අපේ ආචාරය! සුකී සහ මිලිටරි පාලනය භංගවේවා!

:       1479       3099

BamunuarachchiWednesday, 05 September 2018 01:38 AM

රටේ ආරක්ෂාවට තිබෙන රහස් ත්‍රස්තයින්ට දීමේ තිබෙන නිර්භීත කම මොකක්ද. මෙයත් බිත්තිවලට කණ තියන කෙනෙක් ද කොහෙද?

:       0       0

Bamunuarachchi Monday, 03 September 2018 11:13 PM

රටක තිබෙන රාජ්‍ය රහස් රජයේ සතුරන්ට හා ත්‍රස්තයින් අතට පත්වීම ගැනයි විනිසුරු තුමා දඬුවම් නියම කිරීමට හේතුව හැටියට කියන්නේ. ඒ කියමන රට වෙනුවෙන් සාධාරණයි. මේගොල්ලන්ගේ මාධ්‍ය නිදහස කියල රටේ රාජ්‍ය රහස් සියලුදෙනා දැනගතයුතු නැත. ගෙදරක රහස් පොඩි ළමයා අනික් ගෙදරක ගිහින් කීවොත් පොඩි ළමයාගේ කනමිරිකලා ටොක්කක් දෙනවාමයි නේද. එහෙමනම් රාජ්‍ය රහස් එළිකලාට මෙි දඬුවම සාධාරණයි.

:       40       82

Jeevan Perera Tuesday, 04 September 2018 04:15 AM

එහේ සුදු වෑන් සංකල්පයක් නොතිබීම පුදුමයට කරුණක්.

:       1       2

janahitha Tuesday, 04 September 2018 04:54 AM

නිර්භීත පාලිකාවක් , ත්‍රස්තවාදයට හොඳ පිළිතුරක් ,

:       50       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 73 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 631 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site