IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැදුන්ගමුවේ රාජා - වාසනා මෙවර දළදා පෙරහරට නෑ

(පේරාදෙණිය සෙනරත් බණ්ඩාර සහ මාවනැල්ල සමන් විජය බණ්ඩාර)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පෙරහර කරඬුව වැඩම කරවීමට සුදුසුකම් ලැබ සිටි නැදුන්ගමුවේ රාජා සහ වාසනා ඇතු මෙවර සහභාගි නොවන බව ශ්‍රී දළදා මාලිගාව සඳහන් කරයි.

නැදුන්ගමුවේ ඇත් රජු තරමක් අසනීප තත්ත්වයෙන් පසුවන අතර වාසනා ඇතු මේ වනවිට කතරගම මහ දේවාලයේ පෙරහරට සහභාගි වී සිටිති.

එනමුත් පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා සුදුසුකම් සහිත ඇතුන් පස් දෙනකු මේ වනවිට ශ්‍රී දළදා මාලිගාව සතු යැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

ඉන්දිරාජා ඇත් රජු ප්‍රධානව සිංහරාජා, බුරුමරාජා, මියන්රාජා, මිල්ලන්ගොඩ පොඩි ඇතු යන ඇතුන් පස් දෙනා පෙරහර කරඬුව වැඩම කරවීම සඳහා මෙවර සූදානම් කර ඇතැයි ද දියවඩන නිලමේවරයා කීවේය.

එමෙන්ම මියන්මාරය  ශ්‍රී ලංකාවට ලබා දෙන ඇත් පැටවකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ලබන මස 5 වැනි දින ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රදානය කරන බව ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කීවේය.



අදහස් (4)

නැදුන්ගමුවේ රාජා - වාසනා මෙවර දළදා පෙරහරට නෑ

පිටිගල මිලානෝ Monday, 31 July 2017 06:38 AM

වාසනා කියන්නේ ඇත් රජෙක්ද නැත්නම් රැජිණක්ද? මේ රජවරුන් දම්වැල් සහ යකඩ පා තිරිංග යොදා නේද වීදි සංචාරය කරවන්නේ? මේ රජවරු අනිත් වෙලාවල් වලට කරන්නේ කුලියට කොට අදින එක නේද?

:       647       372

sahan Monday, 31 July 2017 10:35 AM

පිටිගල මිලානෝ, ඔබ හරි..., පසුගිය කාලේ අපේ මහරජාණෝ පන්සල් වලට දුන්නනේ කොටන් අදින්න, අඩු ගාණේ එම සතුන්ට කන්න දෙනවද? බෙහෙත් කරනවද කියලා හෙව්වෙවත් නැහැනේ...

:       156       0

godaya Monday, 31 July 2017 11:00 AM

පිටිගල හරි ඒ අයගේ කරුමය ටිකදවසකට මෙවර කල් ගිහින්, අපේ මිනිස්සු කවදා ගොඩ එයිද?

:       16       1

සංජීව Monday, 31 July 2017 04:26 PM

නැදුන්ගමුවෙ රාජා ඇතු මෙවර අනපේක්ෂිත ලෙස මදකිපීම නිසා පෙරහැර සදහා සහභාගි නොවේ.. මෙය සියලුම අලි ඇතුන්ට ස්වාභාවික සංසිද්ධියකි.. කතරගම වාසනා යනු ඇතින්නක් නොව ලංකාවේ සිටින පරිණතම ඇතෙකි.. කරඩුව වඩම්මන ඇතුන්ගෙන් කොට ඇදීමක් සිදුවන්නේ නැත.. සියලුම අලි ඇතුන් පෙරහැර සඳහා සහභාගි වන්නේ ඉතාමත් කැමැත්තෙනි.. මන්ද වසරකට වරක් තමන්ගේ සගයින් මුණගැසීමට හැකිවන නිසාවෙනි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 718 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site