IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තමිල්නාඩුවේ ළිඳකට වැටුණු දරුවා මියයයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිඳකට වැටුණු දෙහැවිරිදි  දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය  වාර්තා කරයි.
 
ළිඳෙන් ගොඩගත් දරුවාගේ සිරුර තමිල්නාඩුහි මනප්පාරෙයි රජයේ රෝහලට ගෙනගොස් ඇත.
 
තමිල්නාඩු ආදායම් පරිපාලන කොමසාරිස් ජේ. රාධක්‍රිෂ්ණන් මහතා අද(29) අලුයම මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ දරුවා නිරුප්‍රදිතව ගොඩට ගැනීම සඳහා ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් අසාර්ථකවූ බවයි. දරුවා වැටී සිටි ළිඳෙන් ඊයේ රාත්‍රී දුර්ගන්ධය දැනුනු බවත් එයින්පසු දරුවා මියගොස් ඇති බව තීරණය කළ බවත් හෙතෙම වැඩිදුරටත් පවසා ඇත. 
 
දරුවාගේ සිරුර බෙහෙවින් දිරාපත්වූ තත්ත්වයක පවතින බවත් ඡායාරූප පසුව නිකුත් කරන බවත් ඔහු පවසයි.  
 
තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිරප්පල්ලි ආසන්නයේ පිහිටි මෙම පටු ළිඳේ අඩි 100ක් පමණ ගැඹුරේ සුජිත් විල්සන් නැමැති දරුවා සිරවී සිටියේ ය.
 
ඉන්දියාවේ 300ක පමණ මුදවාගැනීමේ කණ්ඩායමක් පැය 80කට වැඩි කාලයක් තිස්සේ දරුවා ගලවා ගැනීම සඳහා ප්‍රයත්න දැරූහ. එම ළිඳට සමාන්තරව තවත් ළිඳක් හාරා දරුවා බේරා ගැනීමට කටයුතු කරමින් සිටියද එය මේවනවිට නවතා දමා ඇත.
 
පසුගිය සිකුරාදා(25) පස්වරුවේ එම ළිඳ පිහිටි ස්ථානය ආසන්නයේ තවත් දරුවන් කිහිපදෙනකු සමග ක්‍රීඩා කරමින් සිටි සුජිත් දරුවා ළිඳට වැටී තිබූ අතර ඒ මොහොතේ සිට ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂක කණ්ඩායම් දරුවා බේරා ගැනීමට අසීරු උත්සාහයක නිරත විය.
 
සඳුදා (28) රාත්‍රී නවය පමණ වනවිට සමාන්තර සිදුරේ අඩි 63ක් පමණ යටට හාරා තිබිණි.
කැණීම සඳහා අධිබලැති විදුම් යන්ත්‍ර යොදාගනු ලැබිනි. 
 
කෙසේවුවද අවසානයේ දරුවා මියගොස් ඇතැයි තීරණය කිරීමත් සමග සියලු උත්සාහයන් අත්හැර දැමීමට ඉන්දීය බලධාරීන්ට සිදුවිය. 
 
(ඉන්ඩියා ටුඩේ ඇසුරිණි - 085)



අදහස් (14)

තමිල්නාඩුවේ ළිඳකට වැටුණු දරුවා මියයයි

sharm warn Tuesday, 29 October 2019 04:04 AM

පුතේ ඔයාගේ ආත්මය නැවත මිනිස් භාවයක් ලබාගෙන උසස් ආත්මයකින් සසර කෙළවර කරගන්න ලැබේවා කියා පතනවා. ඔයා වෙනුවෙන් වෙහෙසුණු සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..

:       0       0

bul Tuesday, 29 October 2019 04:09 AM

සෑම පාසලකම, සෑම ආයතනයකම සහ සියලු නිවැසියන් දරුවන්ගේ ආරක්‍ෂිත ක්‍රම ගැන ක්‍රියාත්මක විය යුතුවේ. රජය මීට මැදිහත් වී අවශ්‍ය නීති ගෙන ආ යුතුවේ.

:       0       0

KANDEPOLA Tuesday, 29 October 2019 04:22 AM

වෙනත් බොහෝ රටවල මෙවැනි අනතුරු වලට ලක් වූ දරුවන් බේරා ගන්නා හැටි ඕන තරම් දැක තිබෙනවා. නමුත් ඉන්දියානුවන් ක්‍රියාත්මක් වූ ආකාරය හා නොපුහුණු බව මේ වැඩේදී හොඳට පෙනුනා. ඔවුන්ගේ නොහික්මුණු බව හා අසංවර බව මෙය අසාර්ථක වීමට බලපෑවා. අසංවිධානාත්මකව කාලය නාස්ති කරපු එක විතරයි කළේ‍.

:       0       0

එම්. ජේ Tuesday, 29 October 2019 04:45 AM

අතිශයින්ම හද කකියන සිද්ධියක්. ලොවේ කොතැනකවත් මෙවන් විපත් මනුෂ්‍යයින්ට නොවේවා කියා ප්‍රාර්ථනා කරමු ! සුජිත් දරුවාට නිවන් සුව පතමු !

:       0       0

Dharma Tuesday, 29 October 2019 05:03 AM

තාක්ෂණය කොතරම් දියුණුවුවත් කර්මය බලවත් වූ විට ඒ සියල්ල අභිබවායයි. මේ දරුවට නිවන්සුව ලැබේවා !

:       0       0

akanaj Tuesday, 29 October 2019 05:14 AM

හරිම සෝචනීයයි. දෙමාපියන් තමන්ගේ දරුවන් ගැන සැලකිලිමත් වෙලා නැහැ. එවැනි අනතුරු තිබෙන තැන ළමයින්ට ගැවසීමට ඉඩ දීම කණගාටුදායක සිදුවීමට හේතුවයි. දරුවාට නිවන්සුව ලැබේවා !

:       0       0

සේන Tuesday, 29 October 2019 05:17 AM

මේ දරුවා නිරුපද්‍රිතව ගොඩට ගත්තා නේද? ඒ වීඩියෝ එක මාධ්‍ය ජාලාවල තියෙනවා. තව ටිකක් හොයලා බලමු

:       0       0

Pradeep Tuesday, 29 October 2019 06:03 AM

ඉතාමත් කණගාටුයි. නමුත් ඉන්දීය රජය දරුවා ගලවා ගැනීම සදහා දරන ලද උත්සාහය විශිෂ්ඨයි..

:       0       0

රජින්ද Tuesday, 29 October 2019 06:09 AM

අනාරක්ෂිත සියලුම ස්ථාන මාරාන්තික බවට මෙවන් සිදුවීම් වලින්වත් ලෝකයා වටහා ගනිත්වා.! ලංකාවෙත් අනාරක්ෂිත වගා ළිං අනන්තවත් තියෙනවා.. ඒවාට වැටිලා අලි පැටවුන්ගේ ඉඳන් බොහෝ සතුන් මිය යනවා. පොඩ්ඩක් හිතන්න දරුවෝ ඔය පැතිවල සෙල්ලම් කරනකොට මේ වගේ අනතුරු වෙන්න පුළුවන් නේද? ලෝකේ කොයි කොනක කොහොම උන්නත් කාගේ දරුවත් අපේම දරුවෙක් අපිට...!

:       0       0

wimal Tuesday, 29 October 2019 06:21 AM

අපරාදේ ළමයා බේරා ගන්න බැරි වුණා. භයානක ළිඳට එයාලට බැරි වුණාද උඩට කවරයක් හදාගන්න. ඉදිරියටවත් මොලේ පාවිච්චි කරයිද දන්නේ නැහැ දෙයියනේ...

:       0       0

උපුල Tuesday, 29 October 2019 06:35 AM

කුඩා සිරුරක් ඇති පුද්ගලයකුට කතාකිරීමට මයික්‍රොෆෝනයක් කට ළඟ බැඳ කැමරාවක් සහ විදුලි පන්දමක් ඔලුවේ හයිකර උඩුබැලි අතට ළිඳට බස්සවමින් ගොඩ ඉන්න කාර්මිකයින් සමග සම්බන්ධ වෙමින්, දරුවාගේ හිස උඩ තියාගෙන සිටි අත්දෙකෙන් උඩට ඇදගෙන එන්නට කල්පනා නොකළේ ඇයි කියලා හිතෙනවා. අඩි 30ක් පහළ හිරවී හිටපු දරුවා උඩ ඉඳන් කරන විගඩම් නිසා අඩි 86ක් ගැඹුරට වැටී ඇතිබව කියවා දැනගත්තා. අසරණ දරුවාට නිවන් සුව අත් වේවා. ඒ කුඩා මනසට පැය 48 ක් තිස්සේ කුමක් සිතෙන්නට ඇත්ද?

:       0       0

උපුල් ‌‌ෙසෙනෙවිරත්න Tuesday, 29 October 2019 06:44 AM

දුකයි පුතේ...

:       0       1

විජිත් Tuesday, 29 October 2019 07:15 AM

චුටි පුතේ, උපනුපන් අාත්මයකවත් ඔබට මෙවැනි විපතක් නොවේවා..!! ඔබට නිවන් සැප ලැබේවා ..!!!

:       0       1

Prabha Tuesday, 29 October 2019 09:36 AM

ලංකාවේ මුහුණු පොතේ ලොක්කෝ දරුවා බේරාගෙන රෝහල්ගතකරලතිබුණා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site