IMG-LOGO

මත්ද්‍රව්‍ය මර්දනය සඳහා වන ජාතික බක්මහ දිවුරුම 3 වැනිදා

 (නාලක සංජීව දහනායක)
 
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය, නිරාවරණය සහ මර්දනය සඳහා කැපවන බවට ජාතියම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අප්‍රේල් මස (03) වැනිදා කොළඹ, නිදහස් චතුරශ‍්‍රයේදී  පැවැත්වීමට නියමිතය.
 
එයට සමගාමීව සියලු පාසල්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩල තම තමන්ගේ ආයතනවල සිට මෙම දිවුරුමට එක්වීමට නියමිතය.
 
මේ වනවිට දරුණු වසංගතයක් බවට පත්ව ඇති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පොලීසිය ඇතුළු අනෙකුත් ආරක්‍ෂක අංශ මඟින් සිදුකරන අත්අඩංගුවට ගැනීම්වලින් පමණක් පාලනය කළ නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වාම පුළුල් වෙනසක් කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
 
සෑම රාජ්‍ය ආයතනයකම මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක පිහිටුවන ලෙස රජය මීට පෙර ලබාදුන් උපදෙස් තවදුරටත් ක‍්‍රියාවට නංවන ලෙසද ජනාධිපතිවරයා ආයතන ප‍්‍රධානීන්ට දැනුම්දී ඇත.
 
මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දිවුරුම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රවල නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (29) කොළඹ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේ පැවැති හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
 
අමාත්‍යංශ ලේකම්වරු, විශ්ව විද්‍යාල උපකුලපතිවරු, මාධ්‍ය ආයතන නියෝජිතවරු ඇතුළු පිරිසක් මීට සහභාගී වූහ.  



අදහස් (15)

මත්ද්‍රව්‍ය මර්දනය සඳහා වන ජාතික බක්මහ දිවුරුම 3 වැනිදා

ravi Friday, 29 March 2019 11:26 AM

ග්‍රාමීය වශයෙනුත් "මත්ද්‍රව්‍ය නිවාරණ සමිති සමාගම්" පිහිටුවිය යුතුයි.. ගමේ මිනිස්සු තමයි දන්නේ කවුද කුඩු, හෙරොයින්... පාවිච්චි කරන්නේ කියලා.. අන්න එයාලගේ පස්සෙන් ගියානම්.. කුඩු විකුණන අය.. හොයාගන්න පුළුවන්.. කුඩු, හෙරොයින් විකුණන අයගේ පස්සෙන් ගියානම්.. කුඩු, හෙරොයින් ගෙන්වන අයවත් අල්ලාගන්න පුළුවන්... ! ලංකාවට හෙරොයින් අරගෙන එන .. විදේශිකයන් වගේම..., හෙරොයින් මිලදීගැනීමට ලංකාවට පැමිණෙන විදේශිකයන් ගැනද විශේෂයෙන් උනන්දු වියයුතුයි.

:       0       62

lanka Friday, 29 March 2019 11:36 AM

නීති විරෝධී දෙයක් මර්දනය කරන්නට දිව්රන්ටත් ඕනෙද?

:       4       124

RaveendraSaturday, 30 March 2019 03:32 AM

ලංකා මයා වෙත, ඇත්තෙන්ම සමාජ විරෝධී නීති විරෝධී ක්‍රියාවන්ට විරුද්ධ වීමට, තම වගකීම් නිසිලෙස කිරීමට, තම යුතුකම් අඩුවකින් තොරව කිරීමට දිවුරුම් දීම තවත් විහිළුවකි. තම සිතට එකඟව අවංකව තම යුතුකම් මෙන්ම වගකීම් කරන පුරවැසියන්ට "මෙවන් බයිලා උත්සව, නාඩගම් " අවශ්‍ය නැත. දැන් මේ ගවයන් 225ම මඩවගුරේදී දියුරුම් දුන්නා නේද කිසිඳු සමාජ විරෝධී, මව්බිමට විරුද්ධ නොවෙන, මව්බිමට පක්ෂපාති වැනි අනේක විධ පොරොන්දු... ඒවා "කඩවුණු පොරොන්දු බයිස්කෝප්" එක වගේ වෙලාද? අමතක නොකරන්න අවංකව වැඩකරන පුරවැසියා නිශ්ශබ්දව, අවංකව වැඩ නොකරන "හරකා" රටටම අඬබෙර ගසති. " මෙය 225 ක් වූ ගවරෑනටම අදාලයි".

:       0       29

ජයරත්න Friday, 29 March 2019 11:53 AM

මත්ද්‍රව්‍ය නිවාරණය කළ හැක්කේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ශක්තිමත් කිරීමෙන් පමණයි. ඔය සමිති සමාගම්වලින් වෙන්නේ දැනටත් වැඩ නොකරන රාජ්‍ය සේවකයෝ ටික බොරුවැඩක් දාගෙන මුදල් නාස්ති කිරීම පමණයි.

:       0       34

sirimal Friday, 29 March 2019 12:34 PM

පොලිස් විශේෂ බලකාය ගෙදරක් වටලලා මත්කුඩු ගැන සොයන්න ගියහම හෙලිකොප්ටරයෙන් එතෙන්ට ගිහින් ගෙදර අයිතිකාරයාව බේරාගත්ත උත්තමයත් ඔය දිවුරුම් දීමට සහභාගී වෙනවද? දැන් දෙන්නම ගජ මිතුරෝ වෙලා බවනේ පෙනෙන්නේ... ඒකයි ඇහුවේ...

:       14       143

Chanak Los angelesSaturday, 30 March 2019 02:10 AM

උකුස්සාට ගොදුර ඇහැ වැටුණාම වටපිටාවේ මොන අනතුරු තිබුණත් උෟ විදුලි වේගයෙන් ගොදුර වෙතම පැමිණෙනවා. අනේ මේ උත්තමයා අහවලා බදාගන්න යනකොටත් මේ සන්තෑසියමයි සිද්ධ වුනේ. ඒ උත්තමයාට රටේ කී දෙනෙක් මේ අවනීතික ජවනිකාව බලා සිටිනවාද කියා සිතුනේ නැහැ. පව් නේද?

:       34       2

smn Friday, 29 March 2019 04:30 PM

ඔය දිවුරුම දියවන්නාවේ උන්දැලාට අනිවාර්ය කළා නම් ඉතාමත් හොඳය.

:       0       5

Sumith Friday, 29 March 2019 11:42 PM

03 වෙනිදත් බාර් ළඟ උතුරන්නම සෙනඟ...

:       0       14

Sriyal Saturday, 30 March 2019 01:01 AM

අප්‍රේල් 1යි කරන්න තියෙන්නේ.

:       0       15

Chanak Los angeles Saturday, 30 March 2019 05:37 AM

ලංකාවට මත්ද්‍රව්‍ය හුරුකලේ සාටක පව්ලයි.. දුමින්දගේ මත්ද්‍රව්‍ය ඇද්දේ රජයේ ඩිපෙන්ඩර් වාහනවලින් කියලා උසාවියේදී කියවුනේ... එහෙම කරන්න ඉඩ දුන්න මොවුන්ට අායිමත් රට කරන්න භාරදෙන්න කියා ඉල්ලන්න සදාචාරාත්මක අයිතියක් නැහැ.

:       52       6

upali Saturday, 30 March 2019 05:59 AM

නියමයි... ඊටපස්සේ පිලිපීනය දුරාතී කළා වගේ ගහලා දාන එකයි තියෙන්නේ හතර වටේටම...

:       0       10

Rata Perata Sunday, 31 March 2019 03:07 AM

දැනුයි තේරෙන්නේ මච්චර කල් කුඩු කාරයෝ නිදැල්ලේ ඉඳල තියෙන්නේ මේ දියුරුම් දුන්නේ නැති නිසානේ.නායකතුමා‍ගේ මොලේ තමයි මොලේ.

:       0       1

Sriyal Sunday, 31 March 2019 04:21 AM

මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න දිව්රුම්දීම විහිළුවක්. මෙය නීති විරෝධී දෙයක් නැතිකිරීමට නොහැකියාව පෙන්නන්නකි. බලය ලබා දී අවුරුදු 4 ක් ගිහින් තමයි මතක් උනේ. හොඳ ඡන්ද තුරුම්පුවක් තමයි ඕක. ලගදිම ඡන්දයකුත් එනවානේ. ඇත්තටම අවංකව මද කටයුතු කරන්නේ කියන එක ප්‍රශ්නයක්.

:       0       1

de silva Sunday, 31 March 2019 04:35 PM

ඉස්සර හිටපු ජනාධිපතිවරු බොහෝවිට ඉටු කරන්න බැරි බොරු පොරොන්දු දුන්නේ අවුරුදු 6 කට වරක්, නමුත් මෙතුමා සතියකට වරක් ඉටු කළ නොහැකි පොරොන්දුවක් හෝ ආන්දෝලනාත්මක කතාවක් කියනවා. එතුමා හිතං ඉන්නේ රටවැසියන්ගෙන් බහුතරයක් මන්ද බුද්ධිකයෝ කියලා, පුළුවන් නම් ඉල්ලන්නකෝ ලබන ඡන්දෙදි අත ලකුණෙන්, එහෙම කළොත් ඔබතුමාට සිදුවෙන්නේ අත පස්සේ ගසාගෙන ඉන්න.

:       0       0

Rupawathie Monday, 01 April 2019 01:27 PM

ඇයි එල්ලුම් ගහට අත්සන් නොකරන්නේ? එ්කත් ඔය නැකතටම කරමුකෝ.. රටම ඡන්දෙ දෙනවනේ..!!! එයත් අවුරුදු 4 ක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site