(රංජිත් රාජපක්ෂ)
තලවාකැලේ සිට පුඩළුඔය දක්වා ධාවනය වු ලංගම බස්රථයකට උඩුපුස්සැල්ලාවේ සිට තලවාකැලේ දෙසට ධාවනය වු යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුවි ඇත්තේ තලවාකැලේ පුඩළුඔය ප‍්‍රධාන මාර්ගයේ වටගොඩ තේ කර්මාන්ත ශාලාව අසලදි වන අතර වැසි සහිත කාලගුණය හේතුවෙන් වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය ලිස්සා ගොස් බස් රථයේ ගැටිමෙන් යතුරු පැදිය ඉවතට විසිවි යතුරුපැදිකරු බස් රථයේ පිටුපස රෝදයට යටවි ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව නව කඩදොර පදිංචි බුද්ධික චමිත් හෙටිටිආරචිචි(36) නමැත්තෙකි. බස් රථයේ රියදුරු තලවාකැලේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වාහන පදවන නිසා දන්නවා යතුරුපැදිකරුවන්ගෙන් තිබෙන කරදරේ. අකමැත්තෙන් වුණත් පව් කියනවා හැරෙන්නට වෙන දෙයක් කීමට නොමැත.