සිංගප්පූරු හමුව එසේත් නැතිනම් ‘ට්‍රම්ප්-කිම්’ හමුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට ධවල මන්දිරයට ආරාධනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඓතිහාසික හමුව සිංගප්පූරු වේලාවෙන් උදෑසන නවයට ආරම්භ වූ අතර නායකයන් දෙදෙනා අතර පෞද්ගලික හමුවෙන් පසු ඔවුන් දෙදෙනාගේ සහ දෙරටේ නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවලින් පසු ඇමෙරිකා ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ගිවිසුමකට ද අත්සන් තැබූහ.
ඉන් පසුව ඇමෙරිකා ජනාධිපතිවරයා නැවත වරක් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීය. උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට ආරාධනා කරන්නේ දැයි මාධ්‍යවේදියකු එහිදි විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ‘ඇත්ත වශයෙන්ම ඔව්’ යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා පැවැසීය.
ඉන් අනතුරුව ඔබ දෙදෙනා නැවත හමුවනවාදැයි තවත් මාධ්‍යවේදියකු විමසා සිටි අතර ‘ඔව් බොහෝ අවස්ථා ගණනකදී’ යැයි ඊට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පැවැසීය.
055




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සතුටුදායක දෙයක් වැරදිලාවත් මේ දෙන්න රණ්ඩුවෙලා න්‍යෂ්ටික අවි වලින් ගහ ගත්ත නම් , කොරියාවේ වැඩ කරන අපේ අහිසක කොල්ලෝ ටික මුලින්ම මැරෙනවා , ඊට පස්සේ එතනින් වෙන ආර්ථික පාරිසරික ප්‍රශ්න නිසා අපි කබලෙන් ලිපට වැටෙනවා
දෙන්නගෙන් කොයි කෙනාගේ අපල කාලය උදාවෙලාද දන්නේ නැහැ.