IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහව යන ලකුණු

(ජේ.කේ.එල් චාමින්ද)

කරාපිටිය ශික්ෂණ රෝහලේ හා අනිකුත් රෝහල්වල  ඉන්ෆලුවෙන්සා රෝගි තත්වය නිසා රෝහල්ගතවන රොගින්ගේ පැහැදිලි අඩුවිමක් දක්නට ඇති බැව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

අද  (06) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ බව සදහන් කළේය. මෙකි රෝගි තත්වය ක්‍රමයෙන් පහවයමින් පවතින බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සදහන් කළේය.

ඉන්ෆලුවෙන්සා රෝගයට ලක්ව  රෝහලේ ප්‍රථිකාර ලබන කුඩාදරුවන්ගේ සුවදුක් බැලිම සදහා  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ළමා වාට්ටුවලද සංචාරය කළේය. එමෙන්ම ළමා දැඩි සත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරිම පිළිබදවද එම ඒකකයේ වෛද්‍යවරු සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සාකච්ඡා කළේය. 

ඉන්පසු මාධ්‍යට අදහස් දක්වමින් මේසේද කිවේය.

ඉන්ෆලුවෙන්සා තත්වය මිට පෙර  දිවයින පුරා තිබුණා. මේ කාලසිමාව තුළ ඉන්ෆලුවෙන්සා තත්වය  පවතිනවා වසංගත විද්‍යාඥයින් ක්‍රම කිහිපයක් මගින් වර්ෂය පුරා  ඉන්ෆලුවෙන්සා  තත්වය නියාමය කිරිම කරගෙන යනවා ඒ නිසා තමයි  ඉන්ෆලුවෙන්සා තත්වය යම් ප්‍ර දේශයක ඉහලට ඇවිත් ද කියලා දැන ගන්න පුළුවන් වුණේ.

අපේ බෝවන රෝග පිළිබද  විශේෂඥ කමිටුවක් තියෙනවා .මේ වසරේ  එම උපදේශක කමිටුව මගින් ප්‍රතිපත්තිමය තිරණයක් ගන්නවා  මේ  ඉන්ෆලුවෙන්සා එන්නත ජාතික ප්‍රතිශක්ති කරණ  වැඩපිළිවෙළට ඇතුලත් කරණවාද නැද්ද කියලා.මේ එන්නත කුමන කණ්ඩායම ලබාදෙනවාද ? ඇතුලත් කරනවාද ? කියල  ඉන්ෆලුවෙන්සා එන්නත ද එකවර  දිය යුතුයි කියලා අපට තිරණය කරන්න බැහැ. විශේෂඥ මට්ටිමින්  මේ ගැන හදාරන්නේ නැතිව.  තිරණයක්  ගන්න බැහැ. හරියන්නත්  පුළුවන් වරදින්නත්   පුළුවන්. අපට මේ සදහා  විදේශ ආධාර ගන්න අවශ්‍ය නැහැ .අපට මේ ගැන විශේෂඥ දැනුම තියෙන වෛද්‍යවරු ඉන්නවා.ඒ අයට ඒගැන දැනුම තියෙනවා  ඉදිරියේදි මේ සම්බන්දව විශේෂඥ  කමිටුව ලබාදෙන නිර්දේශ  ලබාගෙන කටයුතු කරනවා. ජාතික ප්‍රතිශක්ති කරණය සදහා ලබාදෙන එන්නත් වසරින් වසර වෙනස් වෙනව. වෛරස්ද  වසරින් වසර  වෙනස් වෙනවා එන්නත් ද වෙනස් වෙනවා.මේ  සංකිරණ තත්වය යටතේ මේ ගැන ක්ෂණිකව තිරණ ගන්න බැහැ.කාලවකවානුවක් අවශ්‍යයි. පුද්ගලික අංශය මගින් ඉන්ෆලුවෙන්සා  එන්නත් කිරිම අපට නවත්වන්න බැහැ  මෙය ජාතික වශයෙන්  ලියාපදිංචිකොට ඇති  එන්නතක්   ඉන්ෆලුවෙන්සා එන්නත නරක නැහැ. ඔන නැහැ කියාලා  කියන්නේ නැහැ  මොන ප්‍රමානයට  අවශ්‍යද කියලා ප්‍රතිපත්තිමය වශයෙන් තින්දුවක් ගතයුතු වෙනවා.

එමෙන්ම ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාව වැඩි කිරිම සදහා අවශ්‍ය සම්පත් ඉක්මනින් ලබා දිමට කටයුතු කරණවා   මෙවැනි වසංගත තත්වයක දි  ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය  ප්‍රාමනවත් නැහැ.  සෞඛ්‍ය ඇමතිතුමා ජනාධිපතිතුමා   මැදිහත් වෙලා කැබිනට ප්‍රතිකාව ගෙනවිත්  සාමන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව  ළමා දැඩිසත්කාරක ඒකකයට උපකරණ ලබාගැනිමට කටයුතු කරණවා  ඒ අනුව දින කිහියපකින් ළමා දැඩි සත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩි කරන්න පුළුවන්  වෙනවා. අමාත්‍යංශය මගින් හෙදි නිලධාරින් වෛද්‍ය නිලධාරින්  අවශ්‍ය සංඛ්‍යාව ලබා දෙනවා  යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය  මහාචාර්ය සුජිව අමරසේන මහතා

ඉන්ෆලුවන්සා එන්නත ජාතික ප්‍රතිශක්තිකරණ  ප්‍රතිපත්තියට ඇතුලත් කරණ ක්‍රමවේදියින්  බැහැරව ඇතුලත් කරන්නේ නැහැ. මේ එන්නත සෑම දරුවෙකුටම හෝ වැඩිහිටියන්ට ලබාදිය යුතු   කියලා නිර්දේශයක් කළේ නැහැ අවශ්‍ය නැති නිසා. සෞඛ්‍ය  සේවකයින්ට ස්වශන රෝග තියෙන ස්නායු රෝග  තියෙන අයට මෙම එන්නත ප්‍ර යෝජනවත්. ඉදිරියේදි මෙම එන්නත්  ඒ කණ්ඩායම් වලට වසරකට සැරයක් දෙන්න ඔනද කියලා  එන්නත වැඩ කරන්නේ  අවුරුද්දයි .  ලෝකයේ කොහෙවත්  රටක මේ එන්නත  අවුරුද්දකට සැරයක්   හැමෝටම දෙන්නේ නැහැ. තාක්ෂණික විශේෂඥ විසින් කරපු නිර්දේශ අවුරුදු ගණනාවක් තිස්සේ යැයිද සුජිව අමරසේන මහතා කිවේය. 
 
රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතාද මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියේය



අදහස් (0)

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය පහව යන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 816 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2463 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1772 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site