IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රැකියාලාභීන්ට රජයෙන් කුලී පදනම මත නිවසක්

(නිමල කොඩිතුවක්කු)

රැකියා සඳහා කොළඔ නගරයේ රැඳී සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද (24) පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවත්වාගෙන යන ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම නිවාස ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ක්‍රියාත්මන වන අඩු ආදායම් ලාභින්ගේ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර 05 තුළ නිවාස  40,000ක් ලබා දීමට පියවර ගන්නා බවත් පැවසූ ලේකම්වරයා එමඟින් කොළඔ නගරය පැල්පත් රහිත නගරයක් බවට පත් කරන බවද සඳහන් කළේය.

රැකියාවක නිරත සියලු දෙනාටම වැටුපට සරිලන ලෙස නව නිවසක් ලබා ගැනීම සඳහා පහළ හා මධ්‍යම පාන්තිකයින්ට සරිලන නිවාස ව්‍යාපෘතියක් ඉදිරිකිරිමට කැබිනට්  අනුමැතිය ලැබුණු බවද වික්‍රම මහතා පැවසීය.

නිවාස ඉදිකිරීමට ඉඩම් නොමිලේ ලබා දෙන බවත් පැවසූ ලේකම්වරයා තනි කාමරය, කාමර 2 හා කාමර 3 යන කාණ්ඩ යටතේ මිලියන 7.5ත් මිලියන 15ත් අතර එම නිවාස ඉදි කිරීමට  බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෙම නිවාස ඉදිරිකිරිමේ සඳහා සියයට 7% ණය පොලිය යටතේ දිර්ඝ කාලින ණය මුදල් ලබා දීමට රජයේ හා පෞද්ගලික අංශය කැමැත්ත පළ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

මේ වසර  අවසානයේ දී එම ව්‍යාපෘති 05ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කීවේය.

එසේම කොළඹ නගරයේ ස්ථාන 11 ක වාහන නැවැත්විම සඳහා වාහන අංගන 11 ක් ඉදි කිරීමට ද සැලසුම් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (1)

රැකියාලාභීන්ට රජයෙන් කුලී පදනම මත නිවසක්

Athula Thursday, 25 June 2020 07:09 AM

රටේ ජාතික නිෂ්පාදනය දිරිමත් කරන වැඩපිළිවෙලක් නැතිව කොහෙන් හෝ ගිනිපොලියට ණය අරගෙන පුම්බලා රටක් ගොඩ නගන්න බැහැ. රටේ මහ පොළව ගැන විශ්වාසය තියලා ඕන සංවර්ධනය ගැන හිතන්න කර වටක් ණය ගෙවන්නේ දහ දුක් විඳින මිනිස්සු.. රටේ දුගීබව අතිශය තීරණාත්මක සංධිස්ථානයකට අැවිත්, විරැකියාව, ජීවන වියදම් දරාගත කොහැකි මට්ටමක අධ්‍යාපනය බරපතල ලෙස කඩාවැටිලා, අපරාධ, මත්ද්‍රව්‍ය, රටපුරාම...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site