ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ජලලබාද් නගරයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
විරෝධතා රැළියකට සහභාගි වෙමින් සිටි පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ලවී ඇත. පොලිසිය පවසන්නේ ප්‍රහාරයෙන් 23 දෙනකු තුවාල ලබා ඇති බවයි. මියගිය සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවද පොලිසිය පවසයි.
පිපිරීම සිදු වන අවස්ථාවේ සිය ගණනක පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිට ඇති අතර ඔවුන් ආරක්ෂක අංශයේ අණදෙන නිලධාරියකුට විරුද්ධව විරෝධතාවයේ යෙදුණු බව පැවසේ.
(බිබිසි පුවත් ඇසුරිනි 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd