IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරන්න විද්වත් කමිටුවක්

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත. රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යවසාය, රජය සතු වාණිජ ව්‍යවසායන්හි ප්‍රමුඛ තනතුරු සඳහා මෙම කමිටුව විසින් නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතය.

තෝරා පත් කර ගැනීමට සුදුසු වෘත්තිකයන්ගේ නම් දෙසැම්බර් 18 වැනිදාට පෙර මෙම කමිටුව විසින් නිර්දේශ කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කැබිනට් ඇමැති මණ්ඩලයේ හිටපු ලේකම් සුමිත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවට ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ‘හෙළ’ ඇඳුම් සමාගමේ සභාපති ඩයන් ගෝමස්, ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු ඇ.තුළත් කර සිටිති. 



අදහස් (17)

සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරන්න විද්වත් කමිටුවක්

sharm warn Thursday, 28 November 2019 08:14 AM

මුලින්ම කමිටුව හදයි ලැයිස්තුවක්... දෙවනුව කැබිනට් එකයි රාජ්‍ය ඇමති සෙට් එකයි අනිත් දෙන්නට එක්කහු වෙලා කපලා කොටලා ඉරලා, මැනලා හදයි ලී බඩු...

:       178       343

nadeeThursday, 28 November 2019 10:03 AM

හංස විලාපය..!!! 

:       163       154

Upul Thursday, 28 November 2019 08:27 AM

සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරන්න විද්වත් කමිටුවක් - මෙම පුවතට අදාලව විස්තර යැවිය යුතු තොරතුරු පත්‍රිකාව ඵලකරන්න.

:       4       229

sanju Thursday, 28 November 2019 09:12 AM

වැඩේ සාර්ථකයි... ජනපතිතුමාට පාට, පක්ෂ භේදයකින් තොරව සහාය වෙමු. මෙතුමා ශ්‍රී ලංකාව ගොඩගනියි කියලා අපිට හිතෙනවා.

:       719       717

sharm warnThursday, 28 November 2019 09:34 AM

එහෙම තමයි හරි විදියට නම් වෙන්න ඕනෑ. නමුත් වටේ ඉන්නේ අැමැතියෝයි, රාජ්‍ය අමතියෝයි දිහා බැලුවම හිතන දේවල් කරන්න ලැබෙයිද සැකයි. බලමු මහ ඡන්දෙ වෙනකල්වත් මෙව්වා කරයිනේ.. හැබැයි ඉතින් මේවා තිබුණේ වෙන අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල..

:       142       365

Lakmal Thursday, 28 November 2019 11:25 AM

කුහකකම නැතුව හොඳ වැඩක් කරන්න හදනකොට ඒක අගය කරන්න පුරුදු වෙන්න.

:       157       165

Ruwan Thursday, 28 November 2019 09:27 AM

විද්වත් කමිටුවේත් ඉන්නවා පහුගිය කාලේ මුදල් අයථා පරිහරණය ය‍ටතේ නඩු තියෙන කෙනෙක්...

:       0       630

Chandana F Thursday, 28 November 2019 09:28 AM

ඉල්ලුම් පත්‍රය පලකරන්න.. සුදුසුකම් ඇති සැමට ඉල්ලුම් කළහැකියි...

:       0       30

Dog Thursday, 28 November 2019 10:02 AM

කරුණාකර ඔබගේ කොමෙන්ට් වැදගත් තොරතුරු සමග පලකරන්න. ප්‍රමෝට් කරන්න විතරක් එපා. ස්තුතියි..

:       1       1

sampath Thursday, 28 November 2019 10:05 AM

මේක ඉතාමත් වැදගත් දෙයක්.. මේ රට කණපිට පෙරළන්නම්... මෙවැනි දේ කළ යුතුයි. මේකෙදී කරුණු දෙකක් සලකන්න ඕනේ... එකක් සුවිශේෂී දැනුම සහ අත්දැකීම් අනෙක් පක්ෂපාතීත්වය සහ ප්‍රායෝගික බව පොතේ ගුරා දැම්මාමත් අවුලක් දෙපැත්ත බලන්චේ කරන්න වෙනවා.

:       120       14

පිටිගල මිලානෝ Thursday, 28 November 2019 10:22 AM

සුදුසුකම්ලාභීන් තෝරලා ඉවරවෙලා ලිස්ට් එක රත්තරන්, ලාන්සා, මහින්දානන්ද, ජොන්ස්ටන්, වීරවංශ වැනි උගත් බුද්ධිමත් ඇමතිවරුන්ව යවන්න.

:       130       385

sadi Thursday, 28 November 2019 11:37 AM

මේ අය පාටක්, පක්ෂයක් නැති විද්වතුන්ද?

:       132       157

sg Thursday, 28 November 2019 06:20 PM

වෙල්ලවත්ත දාපු එක තමයි ප්‍රශ්නේ

:       0       0

කපුරු හාමි Thursday, 28 November 2019 10:26 PM

සුදුසුකම් කෙසේ වෙතත් දේසපාලුවන්ට කඩේ ගිය අයගේ අයට නම් යහපතක්ම වෙයි.

:       0       0

Rohana Friday, 29 November 2019 12:33 AM

මෙයාලා විද්වත් තමයි. හැබැයි සමහරු පසුගිය කාලයේ හොඳට ආණ්ඩුවට කඩේ ගිය අය. එතකොට මගෙන් අහයි කඩේ ගිය අය නැතුව වෙන අය දාලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. බලමු මොකද වෙන්නේ කියලා.

:       0       0

mahinda Friday, 29 November 2019 01:34 AM

ඇමතිලත් ඒවගේම පත් කලා නම් තමයි හොඳ

:       0       0

Bamunuarachchi Friday, 29 November 2019 01:42 AM

අන්න බලන්න අපේ ආණ්ඩුවේ වැඩ...! ඔය සුපිරි මොලයක් කියූ සූත්තර පුංචාලාට ඕවා හිතන්නවත් බැහැ. අපේ ආණ්ඩුවේ තමයි හොඳම මොළ ටික තියෙන්නේ, දැන් නම් බයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site