තිළිණි ද සිල්වා
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට තමාට අවමන් සහගත ලෙස සැලකූ බවට චෝදනා කරමින් බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්.භවානි මහත්මිය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 25 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 11 ) නියම කළේය.
අදාළ පෙත්සම අද (11) බුවනෙක අළුවිහාරේ , විජිත් මළල්ගොඩ සහ නලින් පෙරේර යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදී.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ඔවුන් වෙනුවෙන් අද දින පෞද්ගලික නීතිඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පෙත්සම්කාර විදුහල්පතිනිය අධිකරණය හමුවේ කියා සිටියේ, සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.
ඒ තුළින් ප්‍රධාන අමාත්‍යවරයා සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද එම විදුහල්පතිනිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ පෙත්සම 25 වැනි දා