(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

නිති විරෝධී  ලෙස ඕස්ට්‍රේලියාව  බලා යාමට උත්සහ කළ  නීති විරෝධී සංක්‍රමනිකයන්  75 දෙනෙකු   අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

මින් 51  දෙනෙකුගේ සමන්විත පිරිසක් බහුදින යාත්‍රාවකින්  ගමන් කරමින් සිටියදි  ත්‍රිකුණාමලයට උතුරු  දෙසින් වු  නැගෙනහිරින් වු මුහුදේ දී  අද  (3) අලුයම නාවික  මුහුදු ප්‍රදේශයේ  දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස  පුද්ගලයන් 41 දෙනෙකු, කාන්තාවන් 05  දෙනකු හා දරුවන් 5  දෙනෙකු සිටි බවද නාවික හමුදාව කියයි.

පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බවට   හදුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් අතර   ජාවාරම මෙහෙයවු සැකකරුවන් 06 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි.
සැකකරුවන් පිරිස ත්‍රිකුණාමලය වරාය පොලිසියට බාර දී ඇත.

මේ අතර   ඊයේ  (2) දින නාවික හමුදාව සහ වෙරළආරක්ෂක බලකාය   එක්ව  මාවරවිල ප්‍රදේශයේ ගැගුම් හලක් පරීක්ෂා කිරීමේ දී    නීති විටරෝධී ලෙස විදේශ ගත වීම සදහා  සුදානම්ව සිටි බවට සැකකෙරෙන පුද්ගලයන්  24  නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 මඩකලපුවල වාලච්චේන සහ හලාවතල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා  ගෙන ඇත.

 මාස 03 ත් අවුරුදු 50ත් අතර වයස් වල  පසුවූ එම පිරිස එහි සිටි බවද නාවික හමුදාව කියයි.