IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන තුරු ලංකාවට ණයදෙන ආයතන බලා සිටී

ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟතාව පළ කරන ලද ණයදෙන ආයතන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ලැබෙන තුරු සහ දේශපාලන තත්ත්වයේ යම් ස්ථාවර බවක් ඇතිවන තුරු අදාළ තීරණ පසුවට කල් දමා ඇතැයි රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
“අපිට කළමනාකරණය කරගත හැකි මට්ටමකට ණය අවශ්‍යතාව පැමිණිය හොත් තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන්” රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. 
 
“කෙසේ නමුත් පසුගිය මාසයේදී ඇති වූ සිදුවීම්, තත්ත්වය තවත් දුෂ්කර කළා” යැයි ඔහු කීය. 
 
“ඉදිරි මාස 15 ක කාලයේදී ගෙවීමට ඇති ණය සම්බන්ධයෙන් අපි සැලසුම් සකස් කළා. අපිට මධ්‍යකාලීන ණය උපායමාර්ගයක් තිබුණා. එහෙත් දැන් එම සැලසුම් තර්ජනයට ලක්වෙලා. එම සැලසුම් සියල්ල කුණු කූඬේට දාලා. මුලින් අපිට මුදල් දෙන්න පොරොන්දු වූ මිනිස්සු (ආයතන, රටවල්) දැන් ඒ තීරණ පසුපසට අරගෙන. නඩු තීන්දුව කුමක් වනු ඇත්දැයි බලන්න අවශ්‍ය බව ඔවුන් කියනවා” යැයි ද එම නිලධාරියා කීවේය.
 
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් කඩිනම් මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. අදාළ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් වූ අතර එම නඩු විභාගයේ තීන්දුව මේ සතියේ දී ලබාදෙනු ඇතැයි වාර්තා වේ. 
 
පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනා දෙකක් සම්මත වූ බැවින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට හැකි ද යන්න පිළිබඳව අභියාචනාධිකරණය ද ඉදිරියේදී තීන්දුවක් ලබාදීමට නියමිතය. කැබිනට් මණ්ඩලයේ නීත්‍යනුකූල බව පිළිබඳව ද ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. 
 
ලබන වසරේ ජනවාරි සහ අප්‍රේල් මාසවලදී කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5කින් ජාත්‍යන්තර බැඳුම්කර ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ආණ්ඩුව පසුගිය දිනක ප්‍රකාශ කළේය. 
 
එයින් එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදල් ජනවාරි 15 වැනිදා ගෙවිය යුතුව ඇත. මේ අනුව ගෙන ඇති එක් පියරවක් වනුයේ චීන සංවර්ධන බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමය. 
 
එහෙත් අදාළ සාකච්ඡා ද තාවකාලිකව නැවතී තිබේ. ශ්‍රී ලංකාව දැනටමත් චීන සංවර්ධන බැංකුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදලක් ලබාගෙන ඇත.
 

“අපි සාකච්ඡා පැවැත්වූවා. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තෙක් අපි බලා ඉන්නවා. එතෙක් කවුරුවත් අපිට සල්ලි දෙන්නේ නැහැ. දේශපාලන තත්ත්වය ස්ථාවර වන්නේ නැද්ද යන්න බැලිය යුතු බව ඔවුන් කියනවා. අපි මුදල් දෙන්නේ නැහැ කියලා ඔවුන් කියන්නේ නැහැ. එහෙත් ඔවුන්ට යම් ස්ථාවර බව පැහැදිලි බවක් දැකිය යුතු යැයි කියනවා” යැයි එම නිලධාරියා කීවේය.
 
මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කරනු ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කරන ලද අයවැය ඒකග්‍රතා ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
“ඔවුන්ට එය කරන්න ඕනේ නම්, ඔවුන් බදු වැඩි කළ යුතුයි. එසේ නැතිනම් වියදම් කපාහරින්න ඕනේ. එහෙමත් නැතිනම් ඒ දෙකම එකට කරන්න ඕනේ. එහෙම වුණොත් ණය අවශ්‍යතාව කළමනාකරණය කරගන්න පුළුවන්” යැයි ද ඉහත කී නිලධාරීයා කීවේය. 
 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මීළඟ ණය වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡා කල්දැමීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට එකඟතාව පළ කළේය. ඒ අනුව තුන් අවුරුදු වාරික සැලැස්මක් යටතේ ශ්‍රී ලංකාවට ණය ලැබුණු අතර මේ වනවිට එයින් ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. 
 
“පැහැදිලි ආණ්ඩුවක් පත්වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලා සිටිනවා” යැයි එම ද නිලධාරියා කීය. 
 
මේ අතර රුපියල ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් ස්ථාවර කිරීමට මැදිහත් වී ඇති බවත් පසුගිය දින කිහිපයේදී බැංකුව විදේශ විනිමය වෙළෙඳපොළට එක්සත් ජනපද ඩොලර් මිලියන 3ත් 5ත් අතර මුදලක් යොදවා ඇති බවත් රජයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.  
 
 
සන්ඩේ ටයිම්ස් ඇසුරිනි 
 
 055



අදහස් (5)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙන තුරු ලංකාවට ණයදෙන ආයතන බලා සිටී

gamini Sunday, 09 December 2018 12:22 PM

අපිට මොකටද ණය..? පොහොට්ටුවේ ඕනතරම් සල්ලි තියෙනවා. ජේම්ස් පැකර් ගෙන්වගෙන10ක් ගන්න පුළුවන් නම් සල්ලි...

:       0       0

Amila Sunday, 09 December 2018 04:48 PM

කවුරුත් ආදරේට ණය දෙන්නේ නෑනේ. මේවා ගනිද්දී සහ වාරික ගෙවද්දී කොමිස් ලැබෙන අයට තමයි විශාල වුවමනාවක් තියෙන්නේ ඇත්තටම... ණය ගන්න ඕනෑ අන්තිම විකල්පය විදියට. පුලුවන් තරම් රජයේ අනවශ්‍ය වියදම් කපා හැරියා නම් මේ ණය මෙච්චර ඕන වෙන එකකුත් නෑ.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 09 December 2018 05:52 PM

ඔය හුටපටේටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්බන්ධයි කියලා කෙකර ගාන අය කොතරම් ඉන්නවාද? ආර්ථික බොස් වන "මිස්ටර් 2500කින් මාසයක් කන" ආචාර්ය බන්දුල තවම විසඳුමක් නොදුන්නේ මොකද? තවත් හිනායන කතාවක් මේ පුවතින් දැනගන්න ලැබුණා. ඇමරිකාවට තියෙන ණය ගෙවන්න චීනෙන් ණයක් හිඟනවාලු. චීනගේ ණය ගෙවන්න ලබන වසරේ පොල්කට්ට අරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ උගන්ඩාවටද, නැත්නම් ස්වාසිලන්තයටද? නැත්නම් මොන තුත්තුකුඩියටද? ඔබට දැන් සතුටුද? ආසියාවේ ආශ්චර්යය (අනේ මගේ කට !) ආසියාවේ හිඟන්නා කරපු අයට වැහි නැති හෙණ වදිනවා නියතයි...

:       0       0

ගල්කටස් Monday, 10 December 2018 03:00 AM

නඩු තීන්දුව දීලානෙ තියෙන්නෙ අර වන්ෂොටි විනිසුරු .එක තමා එන තීන්දුව කෙකර ගාලා කෙකර ගාල දාවිි රන් බිත්තරයක් බලන් ඉමිමු. පේන විදිහට ලා කොල වගේ

:       3       62

asela Monday, 10 December 2018 03:08 AM

ණය නොදෙන තරමට හොදයි. අපිට ණය අරගෙන දැන් ගෙවාගන්න බැරුව ඉන්නේ...

:       2       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 501 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site