
(අංජුල මහික වීරරත්න)
ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ.
2009 වසරේ සිට මෙතෙක් සිදුවූ ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට පත් කර ඇති මෙම කොමිෂන් සභාවට සිවිල් සමාජ සංවිධානයක් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමට සූදානම් වන බව සඳහන් කරමින් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය මෙම ඉල්ලීම කර තිබේ.
මහජන විශ්වාසය, පාරදෘශ්‍යභාවය, ස්වාධීනත්වය සහ සාධාරණ ක්‍රියාපටිපාටිය ආරක්ෂා කරමින් කොමිෂන් සභාව කටයුතු කිරීම ඉතා වැදගත් බවද එම ලිපියෙහි සඳහන් කර තිබේ.
එම නිසා කොමිෂන් සභාවේ නිල කාර්ය නියමයන්, කාර්ය පටිපාටිය,විමර්ශන ක්‍රියාවලිය, නීතිඥ නියෝජනය, සාක්ෂිකරුවන්ගේ හිමිකම්, විභාග මහජන ප්‍රවේශය ඇතුළු කරුණු පිළිබඳව පැහැදිලි තොරතුරු ඉල්ලා තිබේ.
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසූයේ කොමිෂන් සභාවේ විමර්ශනය සාධාරණව සහ විනිවිදභාවයෙන් යුතුව සිදුවිය යුතු අතර එවැනි විමර්ශනයකට සිවිල් සමාජයේ සහ නීතිඥවරුන්ගේ සහාය ලැබීම වැදගත් බව විශ්වාස කරන බවයි.
කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගෙන තිබෙන තොරතුරු සහ සාක්ෂි නිසි ආකාරයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද රජිත තෙන්නකෝන් මහතා කීය.
මෙම තොරතුරු දින 7ක් ඇතුළත ලබාදෙන ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉල්ලා ඇති අතර ඉන් පසු කොමිෂන් සභාවට සිය ලේඛනගත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නම "යුනයිටඩ් ලෝයර්ස් නේද?"
මෙයාලගේ පැටිකිරිය නම් අන්තිම අජූතයි.
මේ මොන ෆ්‍රි ලෝයර්ස්ද , මේ තක්කඩි රැල , කජු සීයගෙයි, පියාණෝගෙයි වන්දිබට්ටෝ, මුන්ට ගහන්න ඕනෙ මඩු වල්ගයෙන්...